(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා අද (10) පස්වරුවේ පැවසීය.
ඒ මහතාගේ ඉල්ලා අස්වීමට හේතුවෙක් ප්‍රකාශ නොවූව ද දැනට කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට දින දෙකක් ගතවී තිබුණ ද මුදල් ගෙවීමට නොහැකිවීම එම ඉල්ලා අස්වීමට හේතුව බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා පසුගිය අප්‍රේල් මස ඉල්ලා අස්වීමෙන් පසුව විජිත හේරත් මහතා අප්‍රේල් මස 21 වැනි සභාපති ධූරයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලය පුරා ගත් පඩි දීමනා ආපසු ගෙවන්න. කරපු වැඩක් නෑනේ..