(අංජුල මහික වීරරත්න)
වංචා සහගතව උපයන ලද දේපල ඉදිරියේදී රාජ සන්තක කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
නීතියේ ආධිපත්‍ය ගොඩනැගෙන්න නම් පාලිතයින් මෙන්ම පාලකයින්ද නීතියට අනුව කටයුතු කළ යුතු යැයි අමාත්‍යවරයා කීය.
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් දූෂණ විරෝධී පනත සම්මත කරමින් කළ කාර්යභාරයේ සුභවාදී ප්‍රතිඵල ඉදිරියේදී දකින්නට පුළුවන් බව බව කී අධිකරණ අමාත්‍යවරයා රට අරාජිකව ආර්ථිකය බිඳ වැටී අස්ථාවර රටක් නිර්මාණය වුණේ නීතියේ ආධිපත්‍ය බිඳවැටීම නිසා බව සඳහන් කළේය.
මහනුවර නව නීතිඥ කාර්යාල සංකීර්ණය සඳහා මුල්කර තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නීතිය දාන්ඩ ඕනෑ 1988 එදා බලපැවැත්වෙන පරිදි, එතකොට නම් සෑහෙන දේපලක් පවරා ගන්ඩ පුළුවන්
අපිව රවට්ටන්න හිතාගෙන නීති නම් ඕනා තරම් හදයි. ඒවා ක්‍රියාත්මක කරන එක තමයි මේ දෙගොල්ලො කරන්නේ නැත්තේ. එනිසා ඔබලා පුලුවන් තරම් නීති හදලා තියන්න. අපි ඊළගට ආණ්ඩුක් ගෙනෙන්නම් ඔබලා ගෙනාව නීති ඔබලට විරුද්ධවම ක්‍රියාත්මක කරන්න.
අඩේ අප්පා... මයිනා ඇතුලු ජරාපස්සලා නඩයටයි, මහ බැංකු වට කෙලපු එකා ටයි, දියවන්නා ගවගාලේ වැඩි හරියකටයි එහෙනම් කෙලවෙයි.
මෙයාව විශ්වාස කළ හැකිද? එදා පාර්ලිමේන්තුවේ එක්ප්‍රස් පර්ල් නැව මුදල් ලබාගන නිදහස් කළා කියලා නමක් සඳහන් කරලා, දැන් ඒ පිළිබඳව කිසිම පියවරක් නැහැ. ඒ වගේම පහුගිය සිරිසේන රනිල් ආණ්ඩුව මෙයාව ඇමති මණ්ඩලයෙන් දොට්ට දැම්මා. දැන් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත්, රනිල්ගේ ඇමැති මණ්ඩලය නියෝජනය කරමින්, එදා පන්නපු සිරිසේනගේ පක්ෂයේ සභාපති...
ඔය කතාව අහලාම එපාවෙලා තියෙන්නේ...!
අර ශ්‍රිලනිප කාර්යාලයේ ඉබ්බෝ කඩන්න ගිහින් රටටම ඕක පෙන්නුවා නේද ඇමැතිතුමෝ? රනිල්ට තවත් වැඩ වගයක් කරගන්න තියෙනවා කිව්වා. ඒක කරන්නකෝ මෙතැන වැඩදාන්නේ නැතිව...
දැන් ආණ්ඩුවට කෙළවෙන්නත් ඔන්න මෙන්න. තව මොනවද ඉදිරියේදී කරන්නේ? නීති ගෙනාවා නම් ලබන සතියේම ගේන්න. ඉවරයිනේ..
එසේ කරනවා නම් ඉතින් නීතියේ පිහිට ලබාගැනීමට පැමිණෙන මිනිස්සු රැවටීම / ගසා කෑම නැවැත්විය යුතුයි...
ඉස්සරහට කොහොමත් උඹලා ඔක්කොම හොර දේපළ රාජ සන්තක වෙනවා. ටිකක් ඉවසලා හිටපල්ලා.
රට වලපල්ලට ගියාට පස්සෙ ද නීතිය මතක් වුණේ. නැතිනම් අනුර කුමාර එන එක නවත්තන්නද? කට්ටියම දගලන්නේ උබලගෙ නඩේ තමයි රටට මේ අපරාදය කෙරුවේ. කුඩු විකුණන මිනිහා වුණත් මුදල් ඉපයුවේ කට්ටි පනිමින් මිසක් රටේ දේවල් හොරකම් කරලා නෙමෙයි. ගොබ්බ රැල කුඩු වලින් පගාව මිලියන් ගණන් ගන්නේ ඒකනේ කුඩු නතර කරන්නත් බැරි. මේ ගෝබ්බ රැල හිරේ දාලා අනුර කුමාරට රට බාර දුන්නට පස්සෙ සුද්දා කාලේ තිබුණ ලංකාව නැවත මතුවෙනවා. මහා එකයි ගොබ්බයෝ ටිකයි දැන් හරි මහන්සි වෙනවා. නීති හදන්න, හොරු අල්ලන්න උබලා තමයි ලෝක හොරු. ලංකාව කාලා වතුර බීලා ඉන්නේ. ඔය වතුර පිට වෙන්නෙ චන්ද ප්‍රතිඵල කියන කොට.
සුලු නඩු කල් යැම නවත්වන්න.මට තේරෙන්නේ නඩු කල් දැමීම යම් මාපියාවක් බවයි.නව නඩුවක් ලියාපදිංචි කරන විටම එය අවසන් කරන දිනය හෝ කාල රාමුව දෙන්න.
කාටත් ආදර්ශයට, ඩීල්දාසගේ දේපල මුලින්ම රාජ සන්තක කරමු!
මුලින්ම ඉන්නේ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ .ඒ නිසා රාජසන්තක කියන කතාව වෙන එකක් නැහැ.