(සුජිත් හේවාජුලිගේ )
දෙමළ මහජන ජාතික පෙරමුණ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යෝජනාවලියක් බාරදුන් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය.
තම පක්ෂය සර්ව පාක්ෂික රජයකට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ එම යෝජනාවලියට ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරය සැලකිල්ලට ගැනීමෙන් පසුව බවද ඔහු සඳහන් කළේය.
තමාට ඇමැතිධූර ලබා ගැනීමේ මේනියාවක් නැති බවත් තමාට අවශ්‍ය වන්නේ උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
හිටපු විනිශ්චයකාරවරයකු වන හෙයින් ඇමැති ධූර ලබා ගැනීමේ විශේෂ උනන්දුවක් තමාට නැතැයිද ඔහු පැවසුවේය.
සී.වී විග්නේෂ්වරන් මහතා උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස 2013 -2018 අතර කාලයේදී කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වළපයයි, ගොඩ පයයි කාරයෝ ඔක්කොම එකයි. අහිංසක මිනිස්සු කොටවල උන්ගෙ සැප විහරණ හදාගෙන රජ වෙන්න තමයි බලන්නේ. එතනදි සිංහලද, දෙමළද මුස්ලිම්ද කියල කිසි වෙනසක් නැහැ. මෙවුන් වළපල්ලට ගියදාට මේ රටට කලක් යාවි.
ඔකේ ඉතින් බලන්න, සමාලෝචනය කරන්න, විග්‍රහ කරන්න දෙයක් නෑ. අනිවාර්යයෙන් ඇති, සිංහලුන් කලින් දෙමළුන් මෙරටේ සිටියෝය. එමනිසා දෙමළ ජනතාව මෙරටේ නියම අයිතිකරුවන්ය. සිහලුන් විසින් අතීතය පුරා දෙමළාගේ ලේ ඉල්ලමින් කටයුතු කර ඇති අතර දැනුදු සිදු කරමින් පවතින්නේ එයය. උතුරු නැගෙනහිර අපගේ නිජබිම වශයෙන් පිළිගෙන කටයුතු කළොත් අපේ සහාය දෙන්නම් වැනි කතා ටිකක් ඇති. ප්‍රභාකරන් යහපත් මනුස්සයෙක් බවත් ව්‍යංගයෙන් හෝ කියා ඇති. මස් රාත්තල ඉල්ලන මෙයාගේ තෝම්බුව දිග ඇරියම මෙයාගේ පරපුර ලංකාවට ඇවිත් තියෙන්නෙත් 19 වැනි සියවසේ.
Ranil agreed to the all the request, it is 100% sure, because he wants to stay in the power in next 2 and half years.
ගිලෙන්න යන බෝට්ටුවේ ඉඳන් හබල ගහන්න නම් ඉල්ලීම් දෙන්න කියලා ඉල්ලන්න කියලා ඉල්ලන්නේ කාගේවත් කීමකටද? අපිව අයිතිකරගන්න හිතාන් ඉන්න කට්ටියගේ ඉගෙනුම් බස්වලට රැවටෙන්න එපා.