IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විග්නේෂ්වරන්ගෙන් ජනපතිට යෝජනාවලියක්

 

(සුජිත් හේවාජුලිගේ )

දෙමළ මහජන ජාතික පෙරමුණ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යෝජනාවලියක් බාරදුන් බව  එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය.

තම පක්ෂය සර්ව පාක්ෂික රජයකට සහය  දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ එම යෝජනාවලියට ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරය සැලකිල්ලට ගැනීමෙන් පසුව බවද ඔහු සඳහන් කළේය.

තමාට ඇමැතිධූර ලබා ගැනීමේ මේනියාවක් නැති බවත් තමාට අවශ්‍ය වන්නේ උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

හිටපු  විනිශ්චයකාරවරයකු වන හෙයින් ඇමැති ධූර ලබා ගැනීමේ විශේෂ උනන්දුවක් තමාට නැතැයිද  ඔහු පැවසුවේය.

සී.වී විග්නේෂ්වරන් මහතා උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස  2013 -2018 අතර කාලයේදී කටයුතු කළේය.



අදහස් (6)

විග්නේෂ්වරන්ගෙන් ජනපතිට යෝජනාවලියක්

sharm warn Thursday, 04 August 2022 04:08 PM

මේ වළපයයි, ගොඩ පයයි කාරයෝ ඔක්කොම එකයි. අහිංසක මිනිස්සු කොටවල උන්ගෙ සැප විහරණ හදාගෙන රජ වෙන්න තමයි බලන්නේ. එතනදි සිංහලද, දෙමළද මුස්ලිම්ද කියල කිසි වෙනසක් නැහැ. මෙවුන් වළපල්ලට ගියදාට මේ රටට කලක් යාවි.

:       2       64

මොට්ටපාල Thursday, 04 August 2022 06:30 PM

මේ මනුස්සයා දකුණේ සිංහල මන්ත්‍රීවරයෙකුගේ දරුවෙකුගේ මාමා. එහෙව් මනුස්සයෙක් එක ජාතියකට පමණක් විශේෂ ඉල්ලීමක් කිරීමට සාධාරණ ඉල්ලීමක්ද

:       1       25

Hafeel Friday, 05 August 2022 01:13 PM

මාත් ඔබ සමග එකඟයි. වර්ෂ 2014 දී මෙයා ඉන්දියාවේ උවමනාවට උතුරේ මහ ඇමති වෙලා හිටියා. එම වසරේදී රටේ විවිඩ පළාත් විශාල ගංවතුර සහ නායයෑම්වලට ලක් වුනා. එම වකවානුවේ අනුරාධපුර නගරය ඇතුළු උතුරු මැද පළාතේ ජනතාවත් එම ගංවතුරෙන් පීඩාවට පත් වුනා. නමුත් මේ විග්නේශ්වරන් පීඩාවට පත්වූ තමාගේ අසල් වැසි පළාතේ ජනතාව ගැන කිසිම අනුගම්පාවත් නැතුව, එම පළාතය පහුකරගන උවා පළාතේ කොස්ලන්ද නායයෑම්වලින් පීඩාවට පත්වූ ද්‍රවිධ ජනතාව පමණයි බලන්න ආවේ.

:       0       1

මැක්ස් Thursday, 04 August 2022 04:36 PM

ඔකේ ඉතින් බලන්න, සමාලෝචනය කරන්න, විග්‍රහ කරන්න දෙයක් නෑ. අනිවාර්යයෙන් ඇති, සිංහලුන් කලින් දෙමළුන් මෙරටේ සිටියෝය. එමනිසා දෙමළ ජනතාව මෙරටේ නියම අයිතිකරුවන්ය. සිහලුන් විසින් අතීතය පුරා දෙමළාගේ ලේ ඉල්ලමින් කටයුතු කර ඇති අතර දැනුදු සිදු කරමින් පවතින්නේ එයය. උතුරු නැගෙනහිර අපගේ නිජබිම වශයෙන් පිළිගෙන කටයුතු කළොත් අපේ සහාය දෙන්නම් වැනි කතා ටිකක් ඇති. ප්‍රභාකරන් යහපත් මනුස්සයෙක් බවත් ව්‍යංගයෙන් හෝ කියා ඇති. මස් රාත්තල ඉල්ලන මෙයාගේ තෝම්බුව දිග ඇරියම මෙයාගේ පරපුර ලංකාවට ඇවිත් තියෙන්නෙත් 19 වැනි සියවසේ.

:       1       21

Shirley Thursday, 04 August 2022 05:50 PM

Ranil agreed to the all the request, it is 100% sure, because he wants to stay in the power in next 2 and half years.

:       2       31

chandima Thursday, 04 August 2022 07:21 PM

ගිලෙන්න යන බෝට්ටුවේ ඉඳන් හබල ගහන්න නම් ඉල්ලීම් දෙන්න කියලා ඉල්ලන්න කියලා ඉල්ලන්නේ කාගේවත් කීමකටද? අපිව අයිතිකරගන්න හිතාන් ඉන්න කට්ටියගේ ඉගෙනුම් බස්වලට රැවටෙන්න එපා.

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site