IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විගණනය පාරිභෝගික අධිකාරිය පට්ට ගහයි

(සුජිත් හේවාජුලිගේ)

වෙළඳපොළේ  බොහෝ ආනයනික භාණ්ඩ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව රේගුවෙන් නිදහස් කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ  අධිකාරිය අනාවරණය කරගෙන ඇතත් ඒවා වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනය  අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ

සමහර භාණ්ඩ රේගුවෙන් නිදහස් කෙරුණු පසු විවිධ වෙනස් කිරීම්වලට ලක් කෙරෙන බවත් බොහෝ ආනයනකරුවන් රටට ගෙන්වනු ලබන භාණ්ඩ මත වන බදු ගෙවීම පැහැර හැරීමට උත්සාහ දරන බවත්  එම අධිකාරිය තොරතුරු අනාවරණය කරගෙන ඇතත් අදාල අංශ ඒවා වැළැක්වීමට  ක්‍රියාමාර්ග ගෙන නැතැයි වාර්තාවේ දැක්වේ.

ආනයනකරුවන් භාණ්ඩ මත සලකුණු කරන මිල ගණන්වලට වඩා වැඩි මිලකට එම භාණ්ඩ විකිණෙන බවත් සමාගම් හරහා ලකුණු කරන ලද ලේබල් ගලවා ඉවත් කර වෙනත් ලේබල් අලවා තිබූ බවත් අධිකාරියේ නිලධාරින් නිරීක්ෂණය කර ඇතත්  ක්‍රියාමාර්ග ගෙන නොමැති බව කියති.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ  පාරිභෝගික පැමිණිලි අංශයට ලැබුණු පැමිණිලි නියැදියක් පරීක්ෂා කිරීමේදී ඒවා විසඳීමට වසරකට ආසන්න කාලයක් ගතවී ඇති හෙයින් පැමිණිලිකරුවන්ට සහනයක්වී නොමැති බව විගණන අංශ පෙන්වා දෙයි.



අදහස් (5)

විගණනය පාරිභෝගික අධිකාරිය පට්ට ගහයි

visnu Wednesday, 17 April 2024 02:56 PM

ගොඩක් අය ඉන්නේ මැරයින්... රජයේ නිෂ්ඵල, තේරුමක් නැති ආයතන වලින් එකක්...

:       0       27

mahilal Wednesday, 17 April 2024 04:40 PM

ලොකු දේවල් ඕන නෑ. හරි බරට පාන් ගෙඩියක් ගන්න තියෙනවාද (සුපර් මාකට් වල හැර)

:       0       19

රට වැසියා Wednesday, 17 April 2024 05:08 PM

මේ රටේ මහජනතාවගේ මුදලින් නඩත්තු කරන තඹ දොයිතුවක් නොවටිනා රාජ්‍ය ආයතනයක්...! රටට මහ බරක්...! මෙම ආයතනය දේශපාලකයා කවුදැයි නොදනිමු...! ඔහුද මේ රටට බරකි. හැකි ඉක්මණින් මෙම ආයතන වසා දමා රටේ මුදල් ඉතිරි කරන්න! පාරිභෝගිකයින්ගේ අයිතිය ආරක්ෂා කරන සැබෑ පාරිභෝගික ආයතනයක් රටට අවශ්‍යයි...

:       0       23

Nimal Wednesday, 17 April 2024 05:53 PM

දැන් සැපද?

:       0       12

vernon Thursday, 18 April 2024 08:50 AM

ඉතින් රටින් ගෙන්වන ගානට විකුනන්න බෑ තමයි, මොකද ඒකට ප්‍රවාහන,ගබඩා කුලී,ලයිට් බිල්, වතුර බිල්, සේවක පඩි නඩි එකතු වෙනවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site