(ඩයනා උදයංගනී)
විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත වුවත් ජාතික විගණන සේවය මෙතෙක් ස්ථාපිත නොකිරීම නිසා ඇතිවූ කළකිරීම් මත විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටි දක්‍ෂතම නිලධාරීන් 80 දෙනකු පමණ පසුගිය මාසයේදී ඉන් ඉවත්ව වෙනත් තනතුරු සඳහා ගිය බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.
එදා විගණන පනතට බාධා කළ අයම දැන් විගණන සේවය ගොඩනැගීමට බාධා කරන බව කී විගණකාධිපතිවරයා එය සම්මත කරගැනීමට ජනාධිපතිවරයා කොතෙක් උත්සාහ කළත් නිලධාරීන් මැලිකමක් දක්වන බව පෙනෙන්නට ඇතැයි ද සඳහන් කළේය.
ජාතික විගණන සේවය ගොඩනැගුණු පසු විගණකාධිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණ ස්වාධීන ආයතනයක් බවට පත්වන බව කී ගාමිණී විජේසිංහ මහතා විගණන සේවය ශක්තිමත් වීම තමන්ගේ වංචා දූෂණවලට බාධාවක් නිසා ඇතැම් නිලධාරීන් එයට විරුද්ධ බව ද කීවේය.
රාජ්‍ය විගණන සේවය ස්ථාපිතවීම හරහා නිලධාරීන්ට දිය යුතු පහසුකම් දීමට නොහැකි වීමෙන් ඇතැම් නිලධාරීන් තුළ කළකිරීමක් ඇතිව තිබෙන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
විගණකාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික විගණන කාර්යාලයේදී අද (27) පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වැනි සංවත්සර උත්සවයට එක්වෙමිනි.
විගණන සේවා කොමිෂන් සභාව සම්බන්ධ යම් ගැටලූ තිබෙන බව කී විගණකාධිපතිවරයා මේ වන විට එයට තිබෙන්නේ අඩු රාජකාරී ප‍්‍රමාණයක් බැවින් විශාල මුදලක් වැය කර කාර්ය සාධනයක් නොමැති ආයතන පවත්වාගෙන යාමේ තේරුමක් නැතැයි ද කීවේය.
එය ගැන ඉදිරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී නැවත සිතා බැලිය යුතු බව තමන් යෝජනා කරන බව ද ගාමිණී විජේසිංහ මහතා සඳහන් කළේය.
මූල්‍ය විනය ආරක්‍ෂා කිරීම දාමයක් බව කී විගණකාධිපතිවරයා විගණනය යනු එහි එක් පුරුකක් පමණක් බැවින් එම පුරුක කොතරම් ශක්තිමත් වුවත් දාමයේ වෙනත් පුරුකක් දුර්වල වුවහොත් ප‍්‍රතිඵල ලැබිය නොහැකි බව ද කීවේය.
දේශපාලන ඇ`ගිලි ගැසීමකින් තොරව කටයුතු කරගෙනයාමේ හැකියාව විගණකාධිපති කාර්යාලයට ලබාදී එය ශක්තිමත් කළා සේම දාමයේ සියලූ පුරුක් ශක්තිමත් කළ යුතුයැයි හෙතෙම කියා සිටියේය.
දෙපාර්තමේන්තුව මගින් වසරකට වාර්තා 1500ක් පමණ නිකුත් කළත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ වාර්තා දෙකක් වැනි ප‍්‍රමාණයක්. බව කී විගණකාධිපතිවරයා පාර්ලිමේන්තු රැුස්වන දිනවලින් මාසයකට දින දෙකක්වත් විගණකාධිපති වෙනුවෙන් වෙන් කළ යුතු බව තමා යෝජනා කරන්නේ යැයිද කීවේය.
තම දෙපාර්තමේන්තු වාර්තා මගින් වරදකරුවන් ලෙස හඳුනාගත් පුද්ගලයින්ට ඊළඟ දවසේ උසස්වීම් ලැබෙන අවස්ථාත් තිබෙන බව කී විගණකාධිපතිවරයා එවිට වාර්තාවල වටිනාකම නැතිවන බව ද ප‍්‍රකාශ කළේය.
පසුගිය දශක දෙකක කාලයේ රටේ මූල්‍ය විනය කඩාවැටීමට දේශපාලන අධිකාරියත් හේතුවූ බව කී විජේසිංහ මහත දූෂණ වංචා නැතිකර මුදල් අවභාවිතය වැළැක්වුවහොත් රාජ්‍ය වියදම්වලින් සියයට 25ක් අවම වශයෙන් ඉතිරි කරගත හැක බවත් එවිට ණය අර්බුදයෙන් පවා ගොඩ ආ හැකි බවත් කීවේය.
තමාගේ විශ‍්‍රාම ලබන කාලය එළඹී ඇතැයි ද කී විගණකාධිපතිවරයා ඒ වෙනුවට නව විගණකාධිපතිවරයෙක් කඩිනමින් පත්කර එවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එවිට තමා අතරමග නවත්වා ඇති කටයුතු ගැන ඔහු දැනුවත් කර විශ‍්‍රාම යා හැකි බවත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාගෙන්වත් එහෙම ස්ථාපිත කිරීමක් බලාපොරොත්තු වෙන්න එපා. මහින්ද සිරිසේන රනිල් නඩය 2020 දී වත් පලවා හරිමු.
ජාතික විගණන සේවය ස්ථාපිත කලොත් ගවයන් 225ටම ඇඩ්රස් නැතිවෙන නිසා කිසිදිනක මෙවන් තක්කඩින්ගෙන් එවන් දෙයක් බලාපොරොත්තු විය නොහැක. ඉහළ සිට පහළම තනතුර දක්වා හොරකම, ජඩකම හොඳින් ව්‍යාප්ත වී ඇති අවධියක " ඔබ වැනි අවංක නිලදරුවකු රජයේ සේවයේ යෙදී සිටීමත් ආශ්චර්යයකි. " වංකයන් " දිනෙන් දින හතු පිපෙන්නා සේ බිහිවීම ඉතාම කණගාටුදායකයි.
ජනාධිපතිතුමාගේ මල්ලි ඉන්න ටෙලිකොම් එක කරුණාකරලා ඉක්මනට විගණනය කරන්න පුලුවන්නම්. ටෙලිකොම් සේවකයන්ගේ ඉල්ලීමක්...
දක්ෂතා තියෙන කෙනා විගණන දෙපාර්තමේන්තුව පමණක් නොව හැකිනම් රටත් හැර යනවා. එහෙම යන්න බැරි පිරිස රටේ රැඳිලා මොන මොනවා කරලා ජීවිකාව කරගන්නවා. වංචාව හොරකම හැර වෙන මොකකටවත් දක්ෂතා නැති පිරිස දේශපාලනේට ඇවිත් අර දෙගොල්ලන්ටම වඩා හොඳින් ජීවත්වෙනවා.
මෙයාගේත් කයිවාරුව විතරයි කරන දෙයක් නෑ....