IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විගණන වාර්තාවෙන් ලංගමය ගැන හෙළි වූ දේ

(මුදිතා දයානන්ද)

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවනයෙන් ඉවත් කළ  බස් රථ අලුත් වැඩියාව සඳහා ලබා දුන් කෝටි 277ක් වෙනත් කටයුතු සඳහා යොදවා ඇති බව විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වේ.

ගමනාගමන මණ්ඩලය සතු බස්රථ 6951 න් 1105ක්ම ධාවනයට කළ නොහැකි තත්වයේ පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වේ.

ධාවනය කළ නොහැකි බස් රථ පුනරුත්ථාපනය කර නැවත ධාවනයේ යෙදවීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් ලබාදුන් කෝටි 277ද වෙනත් කටයුතු සඳහා වැය කර ඇති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

ඒ නිසා කිසිදු බස් රථයක් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර නැති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව බස් රථ පුනරුත්ථාපනයට 2022 වර්ෂයේදී රුපියල් කෝටි 75ක් හා 2023 වර්ෂයේදි රුපියල් කෝටි 202ක් මහාභාණ්ඩාගාරයෙන් ලබාදී ඇත.

ගමනාගමන මණ්ඩලේය ප්‍රතිපාදන යොදාගෙන දැනට ධාවනයේ යොදවන බස් රථ අතුරින් විශාල ප්‍රමාණයකට දුම් සහතික ලබාගෙන නැති බවද මහනුවර ඩිපෝවේ පමණක් බස් රථ 226ක් එලෙස දුම් සහතික ලබාගෙන නැති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය වෙත අදහස් දැක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද සිල්වා මහතා සඳහන් කළේ නැවත භාවිතයට ගත හැකි බවට හඳුන්ගත් බස් රථ 852න් 400ක් 2023 වසර අවසන් වන විට අලුත්වැඩියා කර අවසන් කළ බවය. පසුගිය වසරේ ඉතිරි රථ සංඛ්‍යාවත් සමග මේ වසරේ බස් රථ 770ක් අලුත් වැඩියා කිරීමට හඳුනාගෙන ඇති බවද ඒ සඳහා මහාභාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 150ක් ලැබි ඇති බවද ඔහු පැවසීය.

මුදල් ලැබී තිබුණද බස්රථ අලුත් වැඩියා කිරීමට නොහැකි වූයේ ආර්ථික අර්බුදය තුළ ආනයන සීමා පැනවීම නිසා වාහන අමතර කොටස් හිගයක් රට තුළ මතුවීම නිසා බවද සභාපතිවරයා පැවසීය.

 



අදහස් (0)

විගණන වාර්තාවෙන් ලංගමය ගැන හෙළි වූ දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site