( පුෂ්ප කුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක )
19 වැනි සංශෝධනයෙන් ඇති කළ විගණන කොමිසම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදෙන්න දැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේයන්ගොඩ නයිවල දී ප්‍රශ්න කළේය .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින්සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.ඔහු තවදුරටත් පැවසුවේ කෙතරම් වැරදි වැඩ කළත් කිසිදු දේශපාලඥයකු මෙතෙක් හිරේ දමා නැති බවයි.
අන්තිමේ ඔවුන් නිදහස් වන බවද ඒ තත්ත්වය තුළ විගණන කොමිසම පැවැතිම ඉතා වැදගත් වන බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් රජය මෙම කොමිසම අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදීමට බවට උගතුන්ට වියතුන්ට මෙන්ම ජනතාවට ප්‍රශ්නයක් වන බවද සඳහන් කළේය .
19 වැනි සංශෝධනයෙන් ඇති කළ ස්වාධීන කොමිෂන් සභා ඉතා වැදගත් වූ කාර්යභාරයක් ඉටුකළ බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
අද රටෙි පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීම අත්‍යවශ්‍ය බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20 වැනි සංශෝධනයට ඡන්දෙ දෙන කොට මේක අමතක වුණාද?
අනේ ඔයා බබා පාර්ට් දාන්න එපා. කොච්චර ගේම් ගැහුවත් ඔයාට ආයි ජනාධිපති වෙන්න බෑ...
මැරිලා ඉපදිලාද? නැතිනම් හීනෙන් බයවෙලාද?
එතකොට 20 ට අත එසවූයේ ඕක නොදැනද? තමන්ම ගෙනා 19 හොඳනැතිව වාසියට... 20ට අත උස්සලා දැන් ආපසු විගණන කොමිසම අහෝසි කිරීමක් ගැන කතාකරනවා...
විසි වෙනි සංශෝධනයට ඡන්දය නොදුන් ආණ්ඩු පක්ෂයේ එකම පුද්ගලයා මොහුයි...
විස්සට අත ඉස්සුවට පස්සෙනෙ විඝණන පනත අහෝසි කරලයි කියල මං පත්තරෙන් දැක්කෙ... බම්බුව තමයි
හීනෙන් නෑගිටලද?
මහින්දව බලෙන් අගමැති කරන්න හදලා රට අරාජික කළේ මෙයා තමයි. ඒ වගේම 20ට අත ඉස්සුවේ නැති පක්ෂයේ ඉන්නඑකම කෙනාත් මෙයා තමයි.