(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියළුදෙනා වගකීම් සහගතව කටයුතු නොකළහොත් මැයි 09 වෙනිදාට වඩා භයානක සිදුවීම් කරා රට ගමන් කිරීමට ඉඩ ඇති බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

පාර්ලිමේන්තුව ගැන තිබෙන කලකිරීම, පාර්ලිමේන්තුවෙන් කිසිවක් සිදු නොවෙනවාය කියන කාරණය නැවත නැවතත් ඔප්පු කොට තිබෙන බවද චම්පික රණවක මහතා කීය.

ලංකාවට ඇත්තේ සීමා සහිත ඩොලර් ප්‍රමාණයක් බවද ඒවායිනුත් ගසා ක්‍රියාවලියක් වෙනවා නං ඒක නැවැත්වීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවද චම්පික රණවක මහතා පැවසීය.