(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ ඇති ආයතනවල වගකීම් රාජ්‍ය ඇමතිවරුන්ට නොපැවරීමෙන්, රාජ්‍ය ඇමැතිවරුන් වැඩි දෙනකු කලකිරීමට පත්ව සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් ඇමතිවරුන්ට අමාත්‍යාංශ දෙක තුන මෙන්ම ආයතන දහය පහළොව තිබුණද, ඒවායෙන් සුළු ආයතනයක් හෝ දෙකක් හැරෙන්නට රාජ්‍ය ඇමතිවරුන්ට වගකීම් පවරා නැති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ හේතුවෙන් තමන්ට අමාත්‍යාංශවලට ගොස් නිකරුණේ රස්තියාදු වීමට සිදුව ඇති බව රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක්ම සඳහන් කළහ.
අමාත්‍යාංශවල වගකීම් නොපැවරීම හේතුවෙන්,ඇතැම් කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර මත ගැටුම් ද නිර්මාණය වී ඇතැයි දැනගන්නට තිබේ.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වගකීම් නෑ රාජ්‍ය ඇමැතිවරු කල කිරිලා
විපරමා Sunday, 21 May 2023 03:26 AM
උන්නා කියලත් හරියට වැඩක් කරන අය නෙවෙයි නේ?
දාස Sunday, 21 May 2023 04:13 AM
මෙතන වෙලාතියෙන්නෙ වැඩ නොදෙන එක නෙමෙයි ,මහ එකා තනියෙන් කන එක , මුන් හරියට රටට ආදරෙන් වැඩ කලා නම් මෙහෙම රට බංකොලොත් වෙයිද. මුන්ට මාටිය ගහන්න බෑ අරු ගහනව දිගට හරහට , ඒකයි මෙතන වෙලා තියෙන්නෙ
පුරවැසියෝ Sunday, 21 May 2023 05:58 AM
ඒකට ඉතින් රාජ්‍ය ඇමැතිලා පත්කිරීම කරන කෙනා සම්පූර්ණයෙන්ම වගකිවයුතුයි. ඇමැතියෝ පත්කිරීම සමග වගකීම් හා රාජකාරි ලැයිස්තුවක් නොදීම තමයි වරද වෙන්නේ... රාජකාරි නැතුව තනතුරු දීමෙන් ජනතා මුදල් නාස්තියක් වෙනවා නේද? අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනය කරන විට ජනාධිපති ඕවා ගැන සොයන්නේ නැද්ද?
Sunil Sunday, 21 May 2023 09:21 AM
මේ එකෙක් වත් ඕනෑම නෑ .රට වනසන පින් පඩි කාරයෝ
fairoos Sunday, 21 May 2023 01:12 PM
මේ කාලකන්නි ආණ්ඩුව නිසා රටම කලකිරිලා
ගමේ එකාලා Sunday, 21 May 2023 01:21 PM
කළකිරිලා තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි ,ඉස්සර වගේ හොරාකන්ඩ විදියක් නැති හින්දා ? දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ
සාර්කැස්ටික් Sunday, 21 May 2023 10:05 PM
රස්සා නැතුව කොයි තරම් කොල්ලො, කෙල්ලො ගෙවල් වලට ඉන්නවාද? තොපිත් ගෙවල් වල හිටපල්ලකො.