IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වගා හානිය අක්කර 70000යි

(අංජුල මහික වීරරත්න)

නියඟය, වර්ෂාව සහ සේනා දළඹු හානිය නිසා යල කන්නයේ වගා අක්කර 70,000 කට ආසන්න ප්‍රමාණයක් හානි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය  නිකුත් කර ඇති වාර්තාවට අනුව කුඹුරු අක්කර 68,340.35 ක් වගා හානි සිදු වී ඇති අතර, එමඟින් ගොවීන් 70,188 දෙනකුට බලපෑම් එල්ල වී ඇත. 

එමෙන්ම ලොකුලූනු, මිරිස්, බඩ ඉරිඟු සහ සෝයා බෝංචි වගා කරන ලද ගොවීන් 409 දෙනකුට බලපෑම් එල්ල වී ඇති අතර, ඔවුන් විසින් වගා කර ඇති අක්කර 461.85 කට හානි සිදු වී තිබේ.

දැනට වැඩිම වගා හානි වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයේ අක්කර 26,813.67 ක් හානි සිදු වී ඇති අතර, බලපෑමට ලක්වූ ගොවීන් ප්‍රමාණය 32,245කි.

දෙවැනි ස්ථානය‍ට වැඩිම හානි ප්‍රමාණය උඩවලව කලාපයෙන් වාර්තා වේ.උඩවලවේ අක්කර 14,810.13 ක් වගා හානි සිදු වී ඇති අතර ගොවීන් 11,651 කට බලපෑම් එල්ල වී තිබේ.ඊට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 5,483.75ක් වගා හානි සිදු වී ඇති අතර, ගොවීන් 4,493කට බලපෑම් එල්ල වී ඇත.

මීට අමතරව මාතලේ අක්කර 1,496ක්,  පුත්තලම අක්කර 2,244ක්,  පොළොන්නරුව අක්කර 1,728ක්,  මොණරාගල අක්කර 1,136ක්,  බදුල්ලේ අක්කර 1,044ක්,  රත්නපුර අක්කර 1,721ක් සහ අනුරාධපුර අක්කර 1,748ක් වශයෙන් වගා හානි වාර්තා වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ  කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ  වගා හානි තක්සේරු  වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ඉන් අනතුරුව වගා හානි වන්දි ගෙවීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ තීරණය ප්‍රකාශයට පත් කිරීමටත් නියමිත බව ද ඇමතිවරයා පැවසීය.මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වගා හානි වන්දි ප්‍රමාණය මෙවර ගෙවීමට රජයට සිදුවන බව ද කෘෂිකර්ම  අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (1)

වගා හානිය අක්කර 70000යි

lankaputha Friday, 22 September 2023 02:42 PM

මෙම පුද්ගලයා ගනුදෙනුවේ විශාලතම කොටස උපයා ගැනීමට උත්සාහ කරන ආකාරය

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site