IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වගා හානි සත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවතට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ වගා හානි සිදු කරන වනසත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.  

වගා හානි සිදු කරන සතුන්  අතරින් වන අලියාගෙන් සිදුවන වගා හානිය සමස්ත වගා හානියෙන් සියයට 20ක් පමණ අවම ප්‍රමාණයක් බවත්    සියයට 46ක පමණ වගා හානියක් රිළවා, වඳුරා, මොණරා,වල් ඌරා හා දඩුලේනාගෙන් සිදුවන බව තහවුරු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



අදහස් (10)

වගා හානි සත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවතට

චන්දන Wednesday, 24 August 2022 06:15 PM

20% කියන්නේ සුළු ගණනක් කියලා හිතන මේ ඇමැතිවරයා කෘෂි කර්මාන්තය ගැන මොනවද දන්නේ...?

:       2       22

ravin Wednesday, 24 August 2022 06:28 PM

නැතිව නැතිව... අලි එළෙව්වොත් යන එන මන් නැතිවෙනවා.

:       0       15

fairoos Wednesday, 24 August 2022 06:28 PM

අලියෙක් ජනාධිපති වුණා කියලා මෙහෙම කරන්න ඕනෑද?

:       1       15

tikiribuwa Wednesday, 24 August 2022 07:10 PM

මේ අලියගේ නැට්ටේ එල්ලුණා නම් දිව්‍ය ලෝකයේ යන්න පුළුවන්.. ස්ථිරයි..! 

:       0       11

නිහාල් Wednesday, 24 August 2022 07:58 PM

දැන් අලියාට පුද සත්කාර කරගෙන ඉන්න වෙනවා...

:       0       11

podi mole Wednesday, 24 August 2022 08:35 PM

වගාහානි ලැයිස්තුවෙන් අයින් කළාට, රටට හානි ලැයිස්තුවේ මුලටම ඉන්නෙත් අලියෙක්...

:       2       15

විපරමා Wednesday, 24 August 2022 10:28 PM

වගාහානි කෙසේවෙතත්, රටටම හානිකර භයානක දෙපා සතා තමයි.

:       0       0

nimal Thursday, 25 August 2022 06:33 AM

වන අලියා ජාතික තලයට ගෙන එමු..

:       0       2

Chinthana Thursday, 25 August 2022 09:00 AM

රිලවා, වඳුරා, මොණරා, වල් ඌරා හා දඬුලේනා 46% නම් එක සතෙක් හානි කරන්නේ 9.2%. ඉතින් ඒක 20%ට වඩා අඩු නිසා ඒකත් සුළු ප්‍රමාණයක්නේ. ඒ සතුන් පස්දෙනත් ලැයිස්තුවෙන් අයින් කරමු. අලි ගහලා මිනිස්සු මැරෙන හම්බන්තොට නියෝජනය කරන ඇමැති මෙහෙම කරනවා නම් අනිත් උන් ගැන කවර කතාද?

:       0       0

WIMAL Thursday, 25 August 2022 09:12 AM

අලි ප්‍රශ්නය ඉවරකළ ඇමැති තුමාට ජය වේවා! අලියා ගොවියන් මරණ එක කවුරුවත් කතා කරන්න එපා. මේ ඇමතිතුමා නියෝජනය කරන්නේ අලියගෙ වල්ගේ එල්ලිලා දිව්‍යලෝකෙ ගිය ගොවියාය. ඒ ගොයියා දිව්‍යලෝකෙ ගියේ හීනෙන් පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site