(අංජුල මහික වීරරත්න)
රට පුරා කුඹුරු අක්කර 60,930ක් නියඟය නිසා හානි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
එයින් ගොවීන් 62,375 දෙනකු පීඩාවට පත්ව සිටින බවද කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.
තවදුරටත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය අක්කර 26,654. 40කි. එමෙන්ම බලපෑමට ලක්ව ඇති ගොවීන් ප්‍රමාණය 32,144කි.
දෙවන ස්ථානයට වැඩිම කුඹුරු වගා හානි ප්‍රමාණයක් වාර්තා වන්නේ උඩවලව කලාපයෙනි. එය අක්කර 14,810. 13ක් වන අතර බලපෑමට ලක්ව ඇති ගොවීන් ප්‍රමාණය 11,651කි.
මෙවර යල කන්නයේ වගා කරන ලද සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් පන් ලක්ෂ තුන්දහසක් වේ. දැනට වගා හානි වාර්තා වන ආකාරය අනුව නියඟය නිසා අඩු තරමින් අක්කර 70,000ක් පමණ හානියට ලක්ව ඇතැයි අනුමාන කෙරේ.
මෙම වගා හානිවල ස්වභාවය අනුව වැඩිම වගාහානි වාර්තා වන්නේ කුඩා වැව් යටතේ වගා කරන ලද කුඹුරු වේ. මේ හැර උඩවලවේ ජලාශය යටතේ වගා කරන ලද කුඹුරු වැඩිම අස්වැන්නක් රටට දෙන කුඹුරු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
නමුත් මහවැලි හා අනෙකුත් ප්‍රධාන ජලාශ යටතේ වගා කරන ලද කුඹුරුවලින් ඉහළම අස්වැන්නක් ලැබී ඇති බව වාර්තා වේ.
මෙම වගාහානි මගින් රටේ සහල් අවශ්‍යතාවයට බලපෑමක් එල්ල නොකරන අතර ලබන මහ කන්නයේ වී අස්වනු නෙලා ගන්නා තෙක් අවශ්‍ය සහල් හා වී තොග රටේ පවතින බව අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
324
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වගා හානි අක්කර හැටදාහ ඉක්මවයි