
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමන්ගේ වගාවට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගොවි බිමේදී ඕනෑම ක්‍රියාවක් කිරීමට ගොවීන්ට නීති බාධාවක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගොවීන්ගේ එම ප්‍රශ්නය අප වැඩි කල් යන්නට පෙර විසඳන බවට ප්‍රතිඥාවක් දෙන බවද අමාත්‍යවරයා කීය.
වන සතුන්ගෙන් වන හානිය ලංකාව පුරා බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.මේ ප්‍රශ්නය විසඳන්නේ නැතිව ඉස්සරහට යන්න බෑ.මෙය රිළා ත්‍රස්තවාදයක් බවට පත් වී ඇති බව බොහෝ අය කියන යනුවෙන්ද ලාල් කාන්ත මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දීඝදන්තු?
හරියට දැනුවත් කරන්න නැත්නම් ඒ ගොල්ලෝ සතියෙන් ඔක්කොම අලි ටිකව ඉවර කරලා දායි
මට 71 සහ 88/89 මතක් වුනා. වන සතුන් අවශ්‍ය නැහැ. මිනිස්සු හිටියොත් ඇති.
වන අලි හැරුණාම අනෙක් සතුන් සම්බන්ධයෙන් හොඳ තීරණයක්... රටේ බෝග ඵලදාවෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් මෙම සතුන් නිසා හානි වෙනවා... ඉත්තෑවන් රිලවුන් ඌරන් විශේෂයෙන්
මල්ල කරේ .දැන් වනසතුන් මරලා වගාබිමට ගෙනත් දායි
විස්තරේ පැහැදිලි මදි . දඩයමේ යන අයට නියමයි
කෝ දැන් අර සත්ත්ව හිමිකම් සංවිධාන? පෙරහැරේ යන අලි ගැන කියපු, කලින් ආන්ඩුව කාලේ චීනෙට රිලව් යවන්න හදනකොට අඬ අඬ මාධ්‍ය සාකච්ඡා තියපු? අර ගහක් බේරගන්න ඒක වටකරන් බදාගෙන හිටපු අය...?
වගා බිමේදී කරන්න ඕන දේ ගොවීන්ට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ. අවශ්‍ය කරන්නේ රජයේ මැදිහත්වීමෙන් වගා හානි කරන සමස්ත වන සත්ව ගහණය පාලනය කරන ස්ථිර වැඩ සටහනක්.
දඩයමේ යන අයට මරු, කැලෑවේ මරලා ගොවිබිමට දාලා... පස්සෙ කන්න පුළුවන්...!
හොඳයි...!
ගොවීන්ට තුවක්කු දෙන්න. පතොරම් මිල අඩු කරන්න. එහෙම කළාට සත්තු වඳ වෙන්නෑ. පොල් ආහාර භෝග ප්‍රදර්ශනය විසඳිලා අවුරාදෙන්...
කල්ල මරේ පුතේ...!
ඉහළ තනතුරක් ගන්න කොට රටේ නීති රීති දැනන් ඉන්න ඕනෑ. දන්නේ නැත්තම් දන්නා අයගෙන් අහලා දේවල් කියන්න ඕනෑ. ඒකට හොඳම උදාහරණයක් මේ තියෙන්නේ. නිවැරැදි පනතක් ගේන්න පුළුවන් දක්ෂයෙක්ට විතරයි. මොකද මේවාට අණපනත් හදන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ප්‍රායෝගික නොවන පනත් හැදුවාම අතුරු ප්‍රශ්න ගොඩයි. තුවක්කු දෙන්නලු ගොවින්ට...
ගරු ඇමැතිතුමෝ සමහර ප්‍රදේශවල හොරෙන් පොල්, පුවක්, කෙසෙල් කැන් වගේ ඒවා හොරෙන් කඩනවා කපාගෙන යනවා සමහරක් වෙළෙන්දෝ පමණක් නොවෙයි, දෙපා සත්වයෝ හොරුන්ට අහවල් අහවල් දේවල් ගෙනැවිත් දෙන්න කියලා ඕඩර් ලබාදෙනවා. ඉතින් ගෙවත්තකවත් කෑමට ප්‍රමාණවත් දෙයක්වත් වවාගෙන රැකගන්න බැහැ... ඒවාටත් පිළියමක් යොදනවා නම් හොඳයි...!
වල් ඌරු බයිට් එක හංදියේ හෝටලයටත් එයි වගේ…
ගොවිතැන් කරන ගොවියන් පමණයි ගොවිතැන් රැක ගැනීමෙි යුද්ධය විඳින්නේ නිකමුන්ට ඒවා තේරෙන්නේ නෑ. නිකමුන් බලන්නේ වෙන වෙන දේවල් එනිසා රිලවා, වල් ඌරා, මොනරා යන සතුන් 99/: විනාශ කළ යුතුමයි නැතිනම් රටේ ගොවිතැන අත්හැර දමා කාගේ හරි කෙහේ හරි ආහාර හිඟමනේ යා යුතුමයි. එබැවින් අපිට ගොවිබිමි රැකගන්න සූරිය පැනල විදුලි වැට උපකරන අති සහන මිලට ලබාගන්න විශේෂ වැඩ පිළිවලක් කඩිනමින් සලසා දෙන්නේ නමි රටෙි ආර්ථිකයට ගොවියා යෝධයන් සේ උරදෙනු ඇත.
පහුගිය කාලෙ රිලවුන් ගහනය අඩු කරන්න උපත් පාලන ලූපයක් දාන්න යෝජනා වුණා නේද? ඒවගේ වැඩපිළිවෙළකට ගියොත් වඩා හොඳ නැත්ද? බොහොම පරිස්සමෙන් ගන්න ඕන තීරණ හදිසියේ ගත්තාම මහ විනාශයක් වෙන එක වළක්වන්න බෑ...!
රත්නපුර,වෙළඟපොල ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් වහා හානි කරන සතුන් වන්නේ, රිළවුන්,වල්ඌරන්, දඬු ලේනුන්, මොණරුන් වේ, මේවා කියන තරම් විසඳන්න ලේසි නැහැ. ඒක නිසි ජාතික වැඩසටහන හදන්න. අනික වගාවට හානි කරන සතුන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. කිය කියා ඉන්නේ නැතිව මේවා ඉක්මණින් විසඳන්න ජනපතිතුමනි..,
උගත්කමක් නැති ආණ්ඩුවේ ඉන්න ලොකුම මෝඩයා.
රිලවුව් පමණක් නොවේ. මොණරුන් ගහණයද විශාල ලෙස වගා හානි කරයි. ඌරන්, ඉත්තෑවන් වල් අලි මේ සියල්ල යම් මර්ධනයකට ලක්විය යුතුයි. ගොවීන් ඉස්සර වගේ තුවක්කු ලබා දෙන්නේ නම් ඔවුන් තම වගාවන් ආරක්ෂා කර ගනීවි. නීතිය තරමක් ලිහිලි විය යුතු යයිද සිතමි. වන සතුන් ගහනය වැඩි වෙන විට එය එම පළාත්වල මිනිසුන් විසින් පාලනය කර ගැනීම තමයි කළ යුත්තේ...!
ආණ්ඩුව අමාරුවේ දැම්මොත් මෙයත් වගකියන්න ඕනෑ...
එක දෙයක් කියන්නම් අරක්කු බොන ඵකාලා සත්තුන්ගේ මස් කන ඵකාලා ගහකොළ, සතා, සිව්පාවාට ආදරය නොකරයි. එහෙනම් මිනිස් වර්ගයාට...?දෙවි පිහිටයි... රජයට ඉක්මණට ගෙදර යන්න පාර කැපෙයි.
අනිවාර්යයෙන් හොඳ තීරණයක් .. එක රක්කෙනාගේ අඩුබිරීම්වලින් වැඩක් නෑ...
ජවිපෙ කෙනෙක් වටිනා අදහසක් කියපු පළමු අවස්ථාව...!
මම දැක්කා සත්ව හින්සනය කියලා උද්ඝෝෂණ කරනවා 1. ප්‍රශ්නය විසඳන්න සතියක් එයාලාට කාලය දෙන්න 2. නැත්නම් ගමට තුවක්කු දෙකක් දෙන්න වගකීම් සහිතව. 3. මේක හත් පොලේ ගාගන්න දෙයක් නැහැ 4. එහෙම බැරි නම් රිලවුන් එල්ලලා කොළඹ ගෙනියන්න.
1.අපි කන මාලු සතුන්ගෙන් ලබාගනී ලබාගනී 2.චිකන් නොහොත් කුකුල් මස් ගන්නේ සතුන්ගෙන් වෙන්න ඕනී . 3. එලුවන්, හරකුන් , ඌරන් මගේ හිතේ සත්තු වෙන්න ඕනෑ 4. උන් මරාගෙන කන්නේ ප්‍රචණ්ඩ හින්දාද 5.වසරකට පොල් මිලියන ගාණක් විනාශ කරන රිලවුන් ලංකාවේ පොල් ම්ල පාලනය කරන එක කොහොමද..? 6. මේක දැකලා වැල්ලේන්න හදන්න එපා. ඇත්ත දැකලා නැත්නම් අපේ ගමට එන්න...