(දයාසීලි ලියනගේ)
ගිය මහකන්නයේ වී වගාවට රසායනික පොහොර ලබා නොදීම නිසා වූ වගා හානියට වන්දි ගෙවන බව ප්‍රකාශ කළත් ඒ සඳහා එක සතයක්වත් වෙන් කර නැතැයි ද මුදල් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවත්වත් ඉදිරිපත් කර නැතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සකච්ඡාවකදී අනාවරණය වී ඇත.
ගොවි සංවිධානයේ නියෝජිතයන් කාෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සමඟ පැවැති සාකච්ඡාවදී ගොවීන් කළ ඉල්ලීමක් පිළිබඳව අමාත්‍යවරයා සොයා බැලීමේ දී මෙම තත්ත්වය අනාවරණය වූ බව කෘෂිකර්ම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙහිදී ගොවි සංගම් නියෝජිතයන් කියා සිටියේ හිටපු අමාත්‍යවරයා වන්දි ගෙවන බවට පොරොන්දු වීම නිසා තමන් ණය ලබාගෙන ගොවිතැන් කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දානන්දගෙ ගෙදර සමතලා කරානම් හරි.