(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගන්නැයි තමන් යෝජනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
වවන්නේ නැති ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය.
රාජ්‍ය මෙන්ම පෞද්ගලික ඉඩම් නොයෙක් හේතු මත වගා නොකර අතහැර දමා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය වැවිලි සංස්ථාවේ ද වගා නොකළ ඉඩම් අක්කර සිය ගණනක් තිබෙන බවද ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයිද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් පාලන ආයතන ගැසට් කල මාර්ග විශාල වශයෙන් ඒ ඒ ප්‍රදේශවල තියෙනවා ඒත් සමහරක් මිනිස්සු ඒවා පුද්ගලික ඉඩම් වලට ඇතුළු කරගෙන පාරවල් වල ගමනාගමනය අපහසු වෙන්න කටයුතු කර තියෙනවා එහෙම මාර්ග විනාශය කරන අයගෙන් අදාල පළාත් පාලන ආයතන වලට මාසිකව බද්දක් ගැනීමට නීතියක් ගෙනාවොත් රජය මගින් එම ආයතන සදහා ලබාදෙන ප්‍රතිපාදන අඩුකරන්න පුළුවන් වේවි කියලා හිතෙනවා
අනේ හොඳයි. රටේ ඉඩම් වලින් සියට 80ක් අයිති රජයටනේ. එතනින්ම පටන් ගන්න
වගා කරන්න කීවට වියදම් කර සිදුකරන වගාවල අස්වැන්නට වගා කරුවාට සාධාරණ මිලක් නැහැ. ඉඩම් එක අමාත්‍යංශයකට, වගා නීති එක අමාත්‍යංශයකට. අස්වැන්නේ මිල, ප්‍රවාහණය, වෙනත් අමාත්‍යංශවලට. වගා කරනවා නම් එය අනිවාර්යයෙන්ම පස සංරක්ෂණය වන පරිදි සෝදා පාළු නොවන පරිදි සිදු කළ යුතුයි. එය වියදම් සහිතය. උදාහරණයකට කෘෂිකර්ම ඇමතිගේ කෘෂි චාරිකා සීමා කළා නම් සෑහෙන අනවශ්‍ය වියදමක් නතර වේවි. බදු ගහන්න ඕනේ මේවගේ ඇමති වරුන්ගෙ වැටුපෙන්. අගමැතිතුමා ඇයි මේවාට මැදිහත් නොවන්නේ...? නොවැවූ ඉඩම්වලට බදු අය කරන්න හදන්නේ තද නින්දේ ඉඳිමින්ද?
වගා නොකරන ඉඩම් සඳහා බද්දක් අයකිරීමට කටයුතු කිරීම යුගයට ගැලපෙන කාලෝචිත වැඩපිලිවෙලක් බව කිව යුතුමය. නමුත් එකී ඉඩම් වගාකිරීම පැහැර හැර ඇත්තේ ඇයිදැයි සාධාරණ පරීක්ෂනයකින් හේතු සොයා ගතයුතුය එමෙන්ම වගා කිරීම සඳහා පවතින ගැටළු දුෂ්කරතාවලටද විසඳුම් ලබා දියයුතුය නැතිනම් කොපමණ හොද වුවත් ස්වභාවික පොහොර හදුන්වාදීමේ වැඩපිලිවෙලට වූ දේ වියහැකිය.පීඩාවට පත්වූවෝ කබලෙන් ලිපට වැටිය හැකිය. රටේ වගා නොකල ඉඩම් ඇති බොහෝ ප්‍රදේශවල ප්‍රවේශ මාර් ග අති දුෂ්කරය මේනිසා ප්‍රවාහනය කිරීමට විශාල පිරිවැයක් දැරිමට සිදුවී ඇත. පොහොර ඇතුළු අනෙකුත් යෙදවුම්ද සුලභ විය යුතුය, සාධාරණ මිළ විය යුතුය.
ජපානයෙ කරන ඔක්කොම මෙහෙ කරා නම්, සමුසෙලගෙන් වැඩි දෙනෙක් හිර ගෙවල් වල
මේ මොට්ට ඇමැතියන්ට පිස්සු. රිලවු හා අලි එක්ක කොහොමද වගා කරන්නේ...? ඇමතියා ඇවිත් පැල් රකිනවද? තිරසාර ඒකාබද්ධ විසඳුම් වෙනුවට එක එකට හිතෙන දෙවල් මාධ්‍යයට කියන ඔලමොට්ටලයින්...!
"වවන්නේ නැති ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය" ලංකාවේ ඉන්න මෝඩ මැති-ඇමැති හරක්ට හැමදාම වැරදුනේ අන්න එතන. කොහේ හරි රටක දෙයක් සාර්ථක වෙනවා දැක්කාම, ඒක මුල ඉඳලා හැමදේම අධ්‍යයනය කරලා මුල ඉඳන් පටන් ගන්නේ නෑ. අවසාන තැන බලාගෙන එතැනින් තමයි වැඩේ පටන් ගන්නේ... ඉතින් හැමදාම නාගෙන, අනාගෙන, පස්ස බිම ඇණගන්නවා.