IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විකාශ අධිකාරී පනත ගැන වජිරගෙන් හෙළිදරව්වක්

(අංජුල මහික වීරරත්න)

මිනිසුන් මිනිසුන්ට අපහාස කිරීම, බොරු චෝදනා එල්ල කිරීම වැලැක්වීම නව විකාශන අධිකාරී පනත වන "මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ" ප්‍රධාන අරමුණ බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

ලෝකයේ දියුණු රටවල් ෆේස්බුක්,ට්විටර්,ටික් ටොක්,ඉන්ස්ටග්‍රෑම්,යූටියුබ් වැනි සමාජ ජාලා සඳහා වාරණ පැනවීමෙන් දියුණුවට පත්ව ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද (16) පැවැති මාධ්‍ය හමුවේ දී අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ලොව  දියුණු රටවල් මාධ්‍ය නිවැරදි කිරීම සඳහා මෙන්ම ජනතාවට නිවැරදි තොරතුරු සැපයීම සඳහා නීතිරීති පද්ධතියක් සකස් කරගෙන තිබෙන බව ද අබේවර්ධන මහතා සඳහන් කළේය.

උදාහරණයක් ලෙස සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරී පනත සිංගප්පූරු දියුණුවට ඉතා වැදගත් වී තිබෙන්නේ යැයි ද අබේවර්ධන මහතා කීය.



අදහස් (4)

විකාශ අධිකාරී පනත ගැන වජිරගෙන් හෙළිදරව්වක්

කමල් Monday, 16 October 2023 04:50 PM

සිංගප්පූරුව දියුණු වෙච්චි අලුත්ම ක්‍රමය දැනගන්න කොට ඔබතුමාගේ වයස කීයද?

:       1       8

Rata Perata Monday, 16 October 2023 08:21 PM

වෙන රටවල ඔයවගේ අය නැහැනේ ආණ්ඩුවල... ඡන්දයකුත් නැහැ. කවුරුහරි නායකයෙක් කියන කෙනෙක්ගේ පස්සේ එල්ලිලා ඇවිල්ලා කයිය ගහනවා. ඔය වගේ ගොන් වැඩ දියුණු රටවල නැහැ.

:       0       0

Mudu kanna Monday, 16 October 2023 10:29 PM

ඔය කතා හොඳයි මොන්ටිසෝරි ළමයින්ට. තනිකර ජනතා මර්ධනයක් යන්නේ. ඡන්දයක් තියන්න වහාම... නුඹලා ෆේල්...

:       0       0

de silva Tuesday, 17 October 2023 04:14 AM

සමජ්ය ජාල මාද්‍ය වලට වාරන පනවපු , එවා තහනම් කරපු ලොකෙ දියුනු රටවල නම් ටික කියන්න පුලුවන්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site