චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ අවසන් අදියර ආරම්භ වීමත් සමඟ ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය සඳෙහි නවතම ඡායාරූප පෙළක් නිකුත් කළේය.
වික්‍රම් නැමැති ගොඩ බැසීමේ යානය මෙම ඡායාරූප පෘතුවිය වෙත ඒවා තිබේ.
වික්‍රම් ගොඩබැසීමේ යානය චන්ද්‍රයා සමීපයට රැගෙන ගිය අභ්‍යවකාශ මොඩියුලයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සාර්ථකව වෙන් වීමත් සමග චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ අවසාන අදියර මේ වන විට ආරම්බ වී ඇත.
එතරම් ගවේෂණය නොකළ සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත රෝවරය රැගත් වික්‍රම් ගොඩ බැසීමේ යානය ලබන 23 වැනිදා ගොඩ බැසීමට නියමිතව ඇත.
වික්‍රම් ගොඩබැසීමේ යානය පෘතුවියට ඒවා ඇති කළු සුදු ඡායාරූප මගින් සඳ මතුපිට ඇති පාෂාණ සහ ආවාටවල සමීප දර්ශන පෙන්වා දෙන බව ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කළේය.
එවා ඇති එක් ඡායාරූපයක අභ්‍යවකාශ මොඩියුලයද දැක්වෙන බව ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය පෙන්වා දුන්නේය.
චන්ද්‍රයාන්-3 සහ රුසියාවේ ලූනා-25 මෙහෙයුම් වල අභ්‍යවකාශ යානා දෙක සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මතට ලබන සතියේ ගොඩ බැසීමට නියමිතව තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වික්‍රම් හඳේ ඡායා එවයි