
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලෑන්ඩ් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් අද 19 ආරම්භ කළේය.
වික්ටෝරියා නූලෑන්ඩ් මහත්මිය සහ නියෝජිත පිරිස ශ්‍රී ලංකාව,බංගලාදේශය සහ ඉන්දියාව යන රටවල මාර්තු 19-23 දක්වා සංචාරය කිරීමට නියමිතව ඇත.
තම නිල සංචාරයේදී උප ලේකම් නුලන්ඩ් සහ දූත පිරිස ආර්ථික හවුල්කාරිත්වය සහ අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව,බංගලාදේශය සහ ඉන්දියාව යන රටවල සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ව්‍යාපාරික නායකයින් හමුවීමට නියමිතය.
ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු සහ රාජ්‍ය ප්‍රතිපත්ති නියෝජ්‍ය ආරක්ෂක උප ලේකම් ඇමැන්ඩා ඩෝරි ද වික්ටෝරියා නූලෑන්ඩ් මහත්මිය සමග සංචාරයට සහභාගී වන නියෝජිත පිරිසට ඇතුළත් වේ.
තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වික්ටෝරියා නූලෑන්ඩ් මහත්මිය පැවසුවේ ඉන්දු පැසිෆික් කලාපයේ සාමය, සමෘද්ධිය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම තම නිල සංචාරයේ අරමුණ බවයි.
(034)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි පෙනෙල්ලක් අරන් යනවා ඇති රට රටවල් ගිනි තියන්න..
බුදු අම්මෝ... සාමය, සමෘද්ධිය සහ ආරක්ෂාව ශක්තිමත් කරන්නලු එන්නේ.... 2014 දී යුක්රේනයට කරපු වැඩේ ආසියාවේ රටවලත් කරයිද දන්නෑ...? ඉක්මණට යනවා නම් හොඳයි.. නැත්තම් මේ තියෙන කරදර මදිවට තව යුද්දෙකුත් පටන් ගනියි.
ගෝලයින් දෙන්නගේ වැඩ බලලා යන්න වෙන්න ඇති.
එන්න දෙන්න එපා මේ ගෑණු පරාණයට,.. රට ඉවරයි. ඇම්බැට්ටයෝ ඇමෙරිකාවට රට විකුණන්න අර අඳිනවා.
මෙයා ගිය තැන ඉවරයි... යුක්රේනයත් ඉවරයි...