(යොහාන් භාසුර)
කොළඹ ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම අත්හිටුවීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
ඖෂධ හිඟය හේතුවෙන් එම රෝහල්වල වකුගඩු බද්ධකිරීමේ සැත්කම් අත්හිටුවීමේ අනතුරුහැඟවීමක් කර ඇති බවත් ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයෑම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් හදිසි ඖෂධ මිලදී ගැනීමකට සූදානම් බවත් අලුත්ගේ මහතා කීය.
හදිසි මිලදීගැනීම්වලදී ලක්ෂ දෙකේ වෑල් එක ලක්ෂ 20 ට හෝ 30 ට මිලදීගන්න සිදුවන බව කී වෛද්‍ය අලුත්ගේ මහතා පෞද්ගලික අංශයේ සමහරු මේ වන විටත් ඒවා ගෙනත් ගබඩා කර තිබිය හැකි බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගලවන්න දේශපාලුවන්ගේ වකුගඩු .දවසින් දෙකෙන් ඔක්කොම හොරකම් නොකර ගෙනෙයි .එවුන්ට තේරෙන භාෂාව එකයි .හොර පුතා පහුගිය දවස්වල උඩ බිරුවේ ඕකයි .කට්ටේ රහ වැටිලා