
(රංජන් කස්තුරි)
අඩු ආදායම්ලාභී පවුල්වල නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට නොමිලයේ රුධිරකාන්දුකරණ ප්‍රතිකාර ලබාදීමට තම රෝහල වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා පවසයි.
ඒ අනුව මසකට රෝගීන් 60 දෙනකුට සහ වසරකදී රෝගීන් 700 දෙනකුට නොමිලයේ රුධිරන කාන්දුකරණ ප්‍රතිකාර ලබාදෙන බව ද එම රෝගීන් තෝරාගැනීම විනිවිද භාවයකින් සිදුකරන අතර ඊට හේමාස් රෝහල සම්බන්ධ නොවන බව ද ඔහු කීය.
තලවතුගොඩ සහ වත්තල පිහිටි හේමාස් රෝහල් ආශ්‍රිතව ප්‍රජා නායකයන්ගෙන් සිදුම්ලත් ස්වාධීන පාලක කමිටුවක් මගින් දිවයිනපුරා සිටින වකුගඩු රෝගීන් තෝරා ගන්නා බව ද ආචාර්ය ලකිත් පීරිස් මහතා පැවැසීය.
හේමාස් රෝහල් සමූහය ‘‘උපකාර‘‘ නමින් මෙම ප්‍රජා සත්කාර සේවා වැඩසටහන ආරම්භ කරන බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd