
(අංජුල මහික වීරරත්න)
උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසඳීමට නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 50ක් ස්ථාපනය කර තිබෙි.
ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 4ක් ස්ථාපිත කෙරෙන අතර, කිලිනොච්චි හා වව්නියාව දිස්ත්‍රික්කවල නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 23 බැගින් ස්ථාපිත කිරීමට නියමිතය.
සැමට සුරක්ෂිත පානීය ජලය ලබාදීමේ රජයේ සංකල්පය යටතේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නැවත පදිංචි කිරීමේ අංශය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
මෙම නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර මගින් දිනකට ජලය ලීටර 2000ක් පමණ පිරිසිදු කිරීමේ හැකියාව පවතින බවනැවත පදිංචි කිරීමේ ඒකකය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට විතරද? උතුරු මැද පලාතේ තමයි දරුණුම රෝග ව්‍යාප්තිය තියෙන්නේ. උතුරු මැදට රෝහලක් දීලා, උන්ට ජල පිරිපහදු මධ්‍යස්ථාන හොයන් කිලෝමීටර් 20,30 යන්න ඕන. උතුරට නොදෙන්න කියල නෙමේ මේ කියන්නේ, රටේ වතුර ප්‍රශ්ණෙ තියෙන හැම ගමකටම එකක් හදල දෙන්න. ආණ්ඩුවට සල්ලි නැත්තන් ගමේ උන්ගෙන් හරි එකතු කරලා හදපල්ලා.