(ඉන්දිකා රාමනායක)
බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දී මුදල් ලබා දෙන බවට පවසමින් දිළිදු පුද්ගලයන් මුලා කර වකුගඩු ලබාගත් බව කියන සිද්ධියට සම්බන්ධයෙන් තවත් තරව්කරුවෙකු ජංගම දුරකතන දෙකක් ද සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි (53) හැවිරිදි පුද්ගලයෙකි.
මෙම වගකුඩු ජාවාරම සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයන් සිව්දෙනකු හා කාන්තාවක් බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ලක් අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරු අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායේ මහ මොළ කාරයෝ නිදැල්ලේ. ඒවාට ප්‍රසිද්ධියේ උදව් දුන්න පොලිස් කාරයොත් නිදැල්ලේ. අන්තිමට වකුගඩුව විකුනලා තමන්ගේ ජීවිතය අනතුරේ දාගත්ත දුප්පත් මිනිස්සු වැරදි කාරයො වෙයි.