(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
වකුගඩු ජාවාරම සිදු කිරීමේ චෝදනාවට ලක්ව ඇති පෞද්ගලික රෝහල පිළිබඳ පරීක්ෂණ නිමවනතුරු එම රෝහලෙහි වකුගඩු ශල්‍යකර්ම සිදු කිරීම අත්හිටු වීමට සත් දෙනකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය කමිටුව නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (04) දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විකුම් අබෲ මහතා මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ මේ සම්බන්ධ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නායකත්වයෙන් මෙම මස 8 වැනිදා කැඳවන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරින.මෙම රිට් පෙත්සම මෙම මස 10 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.එම්.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතැන ඔහොම වුවත්, එක පොලිස් ලොක්කෙකුට රාජකාරිය සම්බන්ධව නඩුවක් තිබියදීත් ඔහු එතැනම තබාගෙන කරන පරීක්ෂණ ගැන කවර කතාද?
අශ්වයා පණ යන්න දීලා ස්ථාලය වහලා කුමටද?
වකුගඩු නොවේ සියලු ශල්‍යකර්ම වලට අදාල විය යුතුය