චන්ද්‍රසේන ගමගේ
වෝකි ටෝකි 2 ක් හා ජංගම දුරකථන 5 ක් තම සන්තකයේ තබා ගෙන සිටි මුස්ලිම් ජාතික බේකරි හිමියකු අද (3) සවස වලස්මුල්ලේදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
යුද හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම බේකරි හිමියා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු මේ වන විට වලස්මුල්ල පොලීසියට බාර දී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු වලස්මුල්ල ‘‘මී ඇල්ල‘‘ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසුව වෝකි ටෝකි යන්ත්‍ර හා ජංගම දුරකථන යුද හමුදාව විසින් සොයා ගැණිනි.
අත්අඩංගුවට පත් සැකකරුගේ මුහුණු පොතේ අයි.එස් අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය පිළිබද තොරතුරු තිබී ඇති අතර ඒ අනුව සිදු කළ පරීක්ෂණ වලින් පසුව මෙම බේකරි හිමියා අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වලස්මුල්ල පොලීසිය සිදුකරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd