IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වී සොරා කෑ පහකගේ වැඩ තහනම්

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලයට අයත්  ගබඩා හතරක වී තොග අතුරුදන්  වීම සම්බන්ධයෙන් ගබඩා බාර නිලධාරීන් පස් දෙනකුගේ වැඩ තහනම් කර තිබේ.

 පොල්ගහවෙල, ආණමඩුව, නිකවැරටිය හා මහව  වී  ගබඩා හතරේ වී කිලෝ ග්‍රෑම් නවලක්ෂ හැත්තෑඑක්දහස් පනහක් අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණය විය.

මෙම වී තොගයෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 100කි.

 2021-22 වර්ෂවල දී මෙම සොරකම  සිදුවී ඇති අතර ඒ සම්බන්ධව වහාම විමර්ශණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දී තිබිණි.

එම විමර්ශනයේ වාර්තාව කෘෂිකර්ම  අමාත්‍යවරයාට අද (7) බාරදුන් අතර විමර්ශනයෙන්  හෙළි වූ කරුණු අනුව අදාල නිලධාරීන්ගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙම වී තොග අස්ථානගත වීම සම්බන්ධ වැඩිදුර විමර්ශන  තුනක්  කරන අතර අභ්‍යන්තර විගණන විමර්ශනයක්, මුලික විමර්ශනයක් හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

වැඩ තහනමට ලක් වූ නිලධාරීන්ට අමතරව  තවත් පුද්ගලයින් සොරකමට සම්බන්ධ දැයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දිවයිනේ අනෙකුත් ගබඩා වලත් වී අලෙවි මණ්ඩලය සතු වී තොග මේ අයුරින්ම වංචා සහගත  ලෙස අවභාවිත කර ඇත්ද යන්න සම්බන්ධව සොයා බලන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා  වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට අද  (07) උපදෙස් දුන්නේය.



අදහස් (1)

වී සොරා කෑ පහකගේ වැඩ තහනම්

Senarath Wednesday, 08 November 2023 09:40 AM

වී අලෙවි මණ්ඩලය විනාශ කළේ මූලිකවම ගබඩා බාරව හිටපු නිලධාරීන්... ඒ අය ගොවියන්ගෙන් ගන්නකොට අඩුවෙන් කිරලා ගොවියාට හොරකම් කරනවා. ඒ වගේම මෝල්වලට වී නිකුත් කරන කොට හතරවටින් නාට්ටාමියෝ ටික වටවෙලා තරාදියට කකුල තියලා මෝල් හිමියන්ගෙනුත් හොරාකනවා. මේක කියන්නේ බොහෝම වගකීමෙන් මම අත්විඳි සිද්ධියක් සමගින්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site