IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වී වලට වෙන් කළ කාබනික පෝර සහනාධාරය තේ සහ එළවළු වගාවට

(අංජුල මහික වීරරත්න)

රජය වී ගොවීන්ට  ලබා දුන් කාබනික පොහොර  සහනාධාරය තේ හා එළවළු  වගාව ප්‍රවර්ධනය සඳහා යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය .

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති  සාකච්ඡාවක දී දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරන වී ගොවි සංවිධාන නියෝජිතයන් පළ කළ අදහස් අනුව මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ  කොම්පෝස්ට් පොහොර යැයි කියමින් තමන්ට දුන්නේ වැව් වලින් කපා ගත් පස් හා දහයියා බවත් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හා ‌කොම්පෝස්ට් පොහොර තමන්ට අවශ්‍ය නොවන බවත් එහිදී ගොවීන් පැවසූ බව අමාත්‍යාංශය පවසයි.

2022/ 23 මහ කන්නයේ දී කාබනික පොහොර සහනාධාරය සඳහා රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කළ අතර ඒ යටතේ කුඹුරු හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටෙයාර් දෙකක් සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දුන්නේය. මේ සඳහා මෙවර මහ කන්නයේ මෙතෙක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 10,000ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව  අදාල සහනාධාර 2023 මහ කන්නයේ සිට තේ හා එළවළු වගාවට යොදවන්නැයි  අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 



අදහස් (0)

වී වලට වෙන් කළ කාබනික පෝර සහනාධාරය තේ සහ එළවළු වගාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site