(අංජුල මහික වීරරත්න)
මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා විසින් මෙම කාරණය කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.
තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් හෝ දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සඳහා බියට පත් නොවන ලෙසත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවත් ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කරයි. මෙම දළඹු හානිය මුළුමනින්ම පාලනය කළ හැකි බැවින් කෘෂිකර්ම නිලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස ද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිඹුලාගල පැත්තේ ගිහින් ගොවියන්ගෙන් ඇහුවා නම් හරියටම දැනගන්න තිබ්බ පාලනය කරලා තියෙන හැටි... මීඩියා ඉස්සරහ ගහන කයිවාරු විතරයි මේ අයගේ...
බොහොම සතුටුදායක පුවතක්