IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වී විකුණන්න කලබල වෙන්න එපා

(අමිල සම්පත් ශ්‍රී)

ඉදිරියේදී වී මිල ඉහළ යන නිසා වි අලෙවියට හදිසි නොවී අත්‍යවශ්‍ය  ප්‍රමාණය පමණක් විකුණා  ඉතිරි වී ටික තියා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

පශු සම්පත් මණ්ඩලයේ වීරවිල ශාඛාව නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගොවීන් සමග සාකච්ඡා කළ අවස්ථාවේදී සහතික මිල ලෙස රුපියල් 90 ට පැවති වී මිල ඉහළ නංවා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වූ බැවින් ඒ බව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම කන්නට වී මිලදී ගැනීමට අවසර නොලැබුණු බවත් එහෙත් නැවත වතාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර මහත් පරිශ්‍රමයකින් පසු සහතික වී මිල රුපියල් එකසිය විස්ස 120 ,125, 130  දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට රුපියල් එකසිය හතළිස් හතක් වන ලෙස ඉන්දියාවෙන් සහල් ආනයනය කර ඇති  පසුබිමක නැවත රටින් සහල් ආනයනය නොකර දේශීය වී ගොවියාද රැකගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලයේ ඇති සහල් මෝල් භාවිතා කර වී සහල් කොට ප්‍රමිතියෙන් උසස් සහල් ජනතාවට ලබා දීමට කටයුතු කර ඇති බව අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (3)

වී විකුණන්න කලබල වෙන්න එපා

SL Friday, 19 August 2022 04:43 PM

ඔය මණ්ඩලේ විකුණලා ලැයිස්තුවට දාන්න. ඔය මණ්ඩලෙන් රටට වෙන/වුන කිසිම සේවයක් නැහැ. නිකන් බරක් විතරයි.ගිය පාර වී මෙට්‍රික් ටොන් බර ගානක් සවුත්තු වෙන්න හැරලා සත්ව අහාර වලට වික්ක. මණ්ඩල තියෙන්න ලාභ උපයන්න , නමුත් වෙන්නේ හොරා කන මිනිස්සු නිසා භාණ්ඩාගාරයට බරක් වෙන එකයි.

:       0       8

Bamunuarachchi Saturday, 20 August 2022 08:07 AM

ගොවියාට සහල් ගෙදර තියාගන්න කියා ඉන්දියාවෙන් සහල් ගෙන්වන්න. ජනතාවගේ මුදලින් ගොවියන්ට පොහොර සහනාධාර දුන්නොත් ආණඩුවට හෙනගහනවා.

:       0       0

Bamunuarachchi Saturday, 20 August 2022 08:27 AM

එතකොට ඇමැතියෝ, සහල්මිල වැඩි වුණා නම් පාරිභෝගිකයා මොනවද කරන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 435 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site