(අංජුල මහික වීරරත්න)
වී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයින් තිදෙනකු ද ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
ගොවි නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉදිරියේ දී වී මිල තීරණය කිරීමේ කමිටුවට දිස්ත්‍රික් විසි පහේම ගොවි සංවිධාන නියෝජිතයින්ගේ එකඟත්වය මත ගොවි නියෝජිතයින් තුන්දෙනෙක් පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
මෙවර මහ කන්නයේ දී වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීමට කටයුතු නොකරන අතර රජය විසින් වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කිරීමට පියවර ගෙන තිබේ.
වී විල දී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් රුපියල් බිලියන 10ක් ඒ සඳහා වෙන් කිරීමට ජනපති තීරණය කරනු ඇති බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වී මිල තීරණය කරන කමිටුවට ගොවීන් තිදෙනෙකුත්
de silva Friday, 10 March 2023 03:06 PM
මොන කමිටුව දැම්මත් අවසන් තීරණේ ගන්නේ ඩඩ්ලි...
S.H.Liyanage Saturday, 11 March 2023 08:25 AM
ඉතාම හොඳ අදහසක්... මෙය අනිකුත් භාණ්ඩවලටත් කළ යුතුයි. එසේම පිටරටින් අල වැනි දේ ගෙන්වන කමිටුවලටත් අල ගොවීන් වැනි අය පත්කළ යුතුයි. නැතිනම් මේ තීරණ ගන්නේ දැනුමෙන් අඩුඅය හරි, පිටරටින් බඩුගේන විට ලාභලබන අයයි.
Bamunuarachchi Sunday, 12 March 2023 04:56 AM
ඕන ගොයියෙක් ඕන මණ්ඩලේකට පත්කර ගන්න. ලාබ නම් අපිට පිටරටින් හෝ හාල්, අල, පාරිභෝගික බඩු ටික ගෙනත් දෙන්න... අපිට ලැබෙන සීමිත වැටුපෙන් එක එකා පොහොසත් කිරීමට අපිට බැරිය. අපිට බර දැරීමට තරම් මුදලකට පාරිභෝගික බඩු ලැබෙනවා නම් ලෝකේ කවුරු පොහොසත් වුණත් අපිට කමක් නැත.