(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හෙක්ටයාර දෙකකට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවි ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ස්වර්ණභූමි මහවැලි ආදී ඔප්පු මගින් ජනතාවට පවරා ඇති රජයේ ඉඩම් අයිතිය සින්නක්කරවම ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

නගරාසන්න තට්ටු නිවාස ගණනාවක කුලී පදනම මත ජීවත්වෙන පවුල් සඳහා සහනදායී පදනමක් යටතේ නිවාස වල අයිතිය පදිංචිකරුවන්ට ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

චීනය ඉදිකරන තට්ටු නිවාස ජනතා අයිතියට පත් කරන බවත් තමා කලින් අගමැති ධුරයේ කටයුතු කරන අවස්ථාවේ චීන මහජන සමූහාණ්ඩුවෙන් කළ ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1888 ක් ඔවුන් ත්‍යාගයක් ලෙස පිරිනමා තිබෙන අතර මේ නිවාස අතුරින් නිවාස එකසිය අටක් කලාකරුවන්ට වෙන් කර ඇති අතර මේ සියලු නිවාස කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සුදුස්සන්ට නොමිලේ ලබාදීම තම බලාපොරොත්තුව බවද කීය.