IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වී අලෙවියෙන් භාණ්ඩාගාරයට කෝටි දෙදාහක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


වී අලෙවි මණ්ඩලය මහ  භාණ්ඩාගාරයට  කෝටි දෙදහස් අටසිය හැට තුනක මුදලක්  ගෙවීම පැහැර හැර ඇතැයි  මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22)  පැවසීය.

මහා භාණ්ඩාගාරය වී අලෙවි මණ්ඩලයට මෙම මුදල් කලින් කල ලබාදී ඇත්තේ මේ මිලදී ගැනීම සඳහා යැයිද  ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වී මිලදී ගැනීම සභාව කල් තබන අවස්ථාවේ   විවාදයේදීය.

ෂෙහාන් සේමසිංහ මහතා  මෙසේද පැවසීය.

අවුරුදු දොළහක කාලයේදී මහා භාණ්ඩාගාරය දීප මුදල් මෙතන තියෙනවා.  මේක වෙලා තියෙන්නේ මහින්ද අමරවීර ඇමතිතුමාගේ  කාලයේදී නොවෙයි. මෙතන මහා භාණ්ඩාගාරය කෙලින්ම  ලබා දීපු මුදල් වගේම  ලංකා බැංකුව මහජන  බැංකුව ඇපකර බවට පත්කර ලබා දීපු මුදල් තියෙනවා.



අදහස් (4)

වී අලෙවියෙන් භාණ්ඩාගාරයට කෝටි දෙදාහක පොල්ලක්

Hafeel Friday, 22 March 2024 02:33 PM

මේක වෙලා තියෙන්නේ මහින්ද අමරවීර ඇමැතිතුමාගේ කාලයේදී... නැති වුණාට අවුරුදු දොළහක කාලයේදී එම අමාත්‍ය ධුරය දරුවේ එකම රංචුව තමයි. කාලයෙන් කාලයට එහෙන් මෙහාට පනිනවා, මෙහෙන් එහාට පනිනවා. අවසානයේ සේරම එක රංචුවක් තමයි.

:       2       19

අරවින්ද මොනරවිල Friday, 22 March 2024 03:00 PM

ඔය කෝටි දෙදාහෙන්, කීදාහක් සනුහරේ ඔවුන් ගැහුවාද කියලා මුලින්ම හොයලා මැනලා බලලා කියන්න...!

:       1       11

69sri 2019 Friday, 22 March 2024 06:42 PM

එතකොට ඔය මණ්ඩලය අයත් අමාත්‍යාංශයේ සතිපතා නැත්නම් මාසිකව ප්‍රගති සමාලෝචනයක් කරන්නෙ නැද්ද එහෙම කලානම් ඕවා වෙන්නේ නැහැ. මෙයින් පේන්නේ මෙතෙක් කාලයක් කිසිම සුදුසුකමක් නැති අය ඇමැතිලා හැටියට පත්කිරීම තමයි. ඒ වගේම ඇමතියෝ පත්කළ අයත් එක් එක් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයක් නොකිරීම බලවත් වරදක් කියන්න පුළුවන්... එහෙනම් ඉතින් ඇමැතියන්ගේ ඩියුටිය පෙන්දන්ට රැකියා දීමට කටයුතු කිරීම පමණක්ද කියලත් අහන්න වෙනවා.

:       0       5

පිටරටවැසියා Saturday, 23 March 2024 08:50 AM

එක අත්තේ අපත කුරුල්ලෝ දශක ගණනාවක් තිස්සේ මුළු රටම කාලා, එක එකා සුද්ද කරමින්, දැන් ගණන් මිනුම් බේරනවා රටටම ඇහෙන්න. ත්‍රස්තවාදීන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site