
(අංජුල මහික වීරරත්න)
2023 යල කන්නයේ වී මිල දී ගැනීමට විවෘත කරන ලද වී අලෙවි මණ්ඩලයේ ගබඩා මෙම මස 30 වැනිදායින් පසුව වසා දමන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දුන්නේය.
වී අලෙවි මණ්ඩලය විසින් යල් කන්නයේ වී මිල දී ගැනීම සදහා ගබඩා 39ක් විවෘතව තැබූ අතර නාඩු වී කිලෝවක් රුපියල් 95ක්, සම්බා වී රුපියල් 100ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 105 බැගින් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගනු ලැබුයේ වී මිල රුපියල් 60ක් හා 70ක් වශයෙන් අඩුවෙමින් පැවැති තත්ත්වයදී බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
වී අලෙවි මණ්ඩලය රුපියල් 95කට වඩා වැඩි මිලකට වී මිල දී ගැනීම නිසා පෞද්ගලික අංශය රුපියල් 110ක් දක්වා වී මිල ඉහළ නැංවූ බවත් එම තත්ත්වය යටතේ ගොවීන් තම වී අස්වැන්න පෞද්ගලික අංශයට අලෙවි කළ බවත් අමාත්‍යාංශය කියයි.
කෙසේ වුවද මෙවර යල කන්නයේ දී වී අලෙවි මණ්ඩලය වී කිලෝග්‍රෑම් ලක්ෂ 25ක් මිල දී ගෙන ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වී අලෙවි මණ්ඩලයේ ගබඩා දෙදිනකින් පසු වසා දමන්න නියෝග
nihal Thursday, 28 September 2023 11:15 AM
පුද්ගලික අංශයට දුම්රිය මගින් එලවලු ප්‍රවාහනයට අවසර ලබා දෙන්න ශිතාගාර ඇති කරන්න එලවලු හා පලතුරුවල අතුරු නිශ්පාදන කලාප ඇති කරන්න
de silva Thursday, 28 September 2023 02:04 PM
ගබඩා පිරිලා නම් කරන්න ඕනේ ඒක වහලා දමන එක නොව, ගබඩා කොට ඇති වී සහල් බවට පත්කර වහාම වෙළඳපළට යොමුකර පාරිභෝගිකයාට හොඳ මිලට අලුත් සහල් ලබාදෙන ගමන්, ලැබෙන මුදල්වලින් ගොවියාගෙන් අලුත් වී මිලදී ගැනීමය...
Abeygunawardana Thursday, 28 September 2023 02:45 PM
මේ මනුස්සයා කෘෂිකර්මය පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්...!