IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වී අලෙවි මණ්ඩලයේ අවුල් ජාලයක්?

(මුදිතා දයානන්ද)

වී අලෙවි මණ්ඩලය සඳහා නව සභාපතිවරයකු පත්කර තිබුණ ද හිටපු සභාපතිවරයා තවමත් සේවයෙන් ඉවත් වීමට සුදානමක් නොමැති නිසා  නව සභාපතිවරයාට සේවයට වාර්තා කිරිමට නොහැකි වි ඇතැයි ද වී මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට අසමත් වීම, දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන ප්‍රමාද කිරිම ඇතුලු චෝදනා කීපයක් පදනම් කරගනිමින් ඇමතිවරයා  හිටපු සභාපති නීල්ද අල්විස් මහතා ඉවත් කර ඇති බවද ඒ අනුව නව සභාපති ලෙස බුද්ධික මඩිහේවා මහතා පත්කර ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතාත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතාත් සඳහන් කළේ එකිනෙකට පරස්පර අදහස් දෙකකි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ නව ඇමතිවරයෙක් පත්වු පසු සියලු ආයතනවල සභාපතිවරු මාරු කරන සාමාන්‍ය ක්‍රමවේදය අනුව නීල්ද අල්විස් මහතා ඉවත් කළ බවය.

කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කළේ වී මීලදී ගැනීමේදි රාජ්‍ය බැංකුවලින් නිසි සහයෝගයක් නොලැබෙන නිසා තවදුරටත් තමන් මෙම තනතුරු දැරීමේ තේරුමක් නැතැයි පවසමින් අල්විස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වු බවය.

 

 



අදහස් (0)

වී අලෙවි මණ්ඩලයේ අවුල් ජාලයක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site