(අංජුල මහික වීරරත්න)

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමේ සමාලෝචන වාර්තාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාශය වෙත ඉදිරිපත් කරන කෙරිණි.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී එම වාර්තාව නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගන්වනූ ලැබීය.

"ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් සඳහා පදනම ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පරිවර්තනය කිරීම" යනුවෙන් සමාලෝචන වාර්තාව හදුන්වා තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම පසුගිය අප්‍රේල් මස 20 සිට 24 දින දක්වා මෙරට නිරීක්ෂණ චාරිකාව නිල සංචාරයක නිරත වෙමින් සමාලෝචන කටයුතු සිදු කරන ලද අතර, මෙම සමාලෝචනය අදියර දෙකක් යටතේ සිදු කෙරිණි.