
(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් තව දුරටත් රටපුරා දැඩි හිඟය පවතින බවත් ලිට්‍රෝ ගෑස් සැපයුම කොළඹ සහ අවට ප්‍රදේශවලට ලැබුණ ද පිට පළාත්වලට සාමාන්‍ය පරිදි නොලැබෙන බවත් පාරිභෝගියෝ පවසති. ලාෆ් ගෑස් මිලදීගැනීමට තව දුරටත් නොහැකි වී ඇති බව කියන පාරිභෝගිකයෝ ලාෆ් ගෑස් සීමිත ප්‍රමාණයක් පමණක් ලැබීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද සඳහන් කරති.
ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩර සීමිත ප්‍රමාණයක් පසුගිය දින කීපයේදී ලැබුණු බවත් මාස ගණනක් ගෑස් නොමැතිව තිබීම නිසා ලැබෙන තොග කෙසේවත් ප්‍රමාණවත් නොමැති බවත් ලාෆ් ගෑස් අළෙවි නියෝජිතයෝ පැවසූහ.
ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු පැවසුවේ අධික ඉල්ලුම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල සැපයුමේ ගැටලුවක් පවතුණ ද බොහෝ ප්‍රදේශවල පාරිභෝගිකයන්ට සාමාන්‍ය පරිදි ලිට්‍රෝ ගෑස් මිලදීගැනීමේ හැකියාව ඇති බවත්ය.
ලිට්‍රෝ සමාගම සතුව ගෑස් තොග ප්‍රමාණවත්ව ඇති අතර ඉදිරියේදී ගෑස් නෞකා ලැබීමට නියමිත බවත් ඒ හේතුවෙන් ගෑස් හිඟයක් ඇති නොවන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මැදපෙරදිග කළාපයේ පවතින යුධමය තත්වය හේතුවෙන් ගෑස් මිලේ වෙනසක් වේදැයි කිවනොහැකි බවත් එසේ වුවහොත් එම අවස්ථාවේදී ගතයුතු හොඳම තීරණය ගන්නා බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ලාෆ් ගෑස් සමාගමේ නිලධාරියකුගෙන් එම ගෑස් සැපයුම පිළිබඳව අද (3) කළ විමසුමකදී පැවසුවේ එම සමාගම ආනයනය කළ ගෑස් තොගයක් පසුගිය සෙනසුරාදා ලැබුණු බවත් එම තොගය බෙදාහරිමින් සිටින බවත්ය.
ගෑස් සැපයුම සම්බන්ධයෙන් ඊට වඩා නිල ප්‍රකාශයක් කළ නොහැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd