
(රන්ජන් කටුගම්පොල)
පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් නීති විරෝධී අන්දමින් තමන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුමාර කුලරත්න මහතා ගොනුකොට ඇති රිට් පෙත්සම පිළිබඳ කරුණු මාර්තු 18 වැනිදා තහවුරු කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත පුනාන්දු මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීමට නියමිතය”
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුමාර කුලරත්න මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා” පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියකු මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකුද වන පෙතසම්කරු තිදරු පියෙකූ බවත් ඔහු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරය මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරද හොබවන බවත් තමන් කළින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ බවත් පෙත්සමේ සඳහන් වේ.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධුරය විශ්‍රාම වැටුප් හිමි ධුරයක් වන හෙයින් තමන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්ධූරය හොබවද්දි ගතකළ සේවා කාලය විශ්‍රාම වැටුප් ගණනය කිරීම සඳහා ඇතුලත් කරන ලදැයි චෝදනා කරමින් පාර්ලිමෙන්තු උපදේශක කමිටුව විසින් විශ්‍රාමික අතිරේක ලේකම්වරයකු පත් කර පසුගිය වසරේ පෙබරවාරි 02 වැනිදා මූලික විමර්ශනයක් පැවැත්වු බවද පවසන පෙත්සම්කරු එම විමර්ශනයෙන් අනතුරුව තමන්ට එරෙහිව වාර්තාවක් ඉදිරිපත් කර බවද ස`දහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd