IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලාෆ්ස් සුපිරි ජාලයෙන් ‘මේ අවුරුදු වාරේ’ අත්‍යවශ්‍ය භාණ්ඩ නොමිලේ ලබාදේ

ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල් ජාලය අලුත් අවුරුදු උත්සව සමය තුළ සිය සෑම ගනුදෙනුකරුවෙක්ම ආකර්ෂණීය දීමනා ලබාදීමට කටයුතු කර ඇත. සෑම අයකු වෙතම අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රදානය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් සෑම පාරිභෝගිකයකුටම ජයග්‍රාහකයකු වීමේ අවස්ථාව ලබා දී ඇතැයි එම ආයතනය සඳහන් කරයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ ලාෆ්ස් සමඟින් ගනුදෙනුකරන ඔබට නම් කරනු ලැබූ සන්නාම 3ක් සමඟින් රු.1500 සිට රු. 2999 අතර භාණ්ඩ මිල දී ගැනීමකදී නොමිලේ සුදු සහල් කිලෝග්‍රෑම් 1ක් ක්ෂණිකව දිනා ගැනීමේ අවස්ථාව සැලසේ. මෙයට අමතරව නම් කරනු ලැබූ සන්නාම 4ක් සමඟින් රු. 3000 සිට රු. 4999 අතර භාණ්ඩ මිල දී ගැනීමකින් සුදු සීනි කිලෝග්‍රෑම් 1ක් සහ සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක් හිමිකර ගැනීමේ අවස්ථාව ඇත. 

තවද නම් කරනු ලැබූ සන්නාම 5ක් සමඟින් රු. 5000කට වඩා වැඩි භාණ්ඩ මිල දී ගැනීමකදී ක්ෂණිකව ලාෆ්ස් සුපර් සන්නාම ලේබලය සහිත නූඩ්ල්ස් 400g සහ MACKEREL 425 g නිෂ්පාදන නොමිලේ දිනා ගැනීමේ හැකියාව ඇති අතර මෙම ප්‍රතිලාභ 2022 මාර්තු 18 සිට අප්‍රේල් 30 දක්වා පමණක් වලංගු වේ. මෙම නොමිලේ ලබාදෙන මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හැරුණු විට සෑම සුදුසුකම් ලබන පාරිභෝගිකයකුටම රු. 250ක් වටිනා වට්ටම් වව්චර්පතක් ලැබේ.

ලාෆ්ස් සුපර් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට දීමනා ලබාදීම සඳහා වඩාත් කීර්තිමත් බැංකු සමඟ ද අත්වැල් බැඳගෙන සිටියි. මෙහිදී පාන වර්ග සහ crimson බේකරි නිෂ්පාදන, නැවුම් පලතුරු සහ එළවළු, කිරි නිෂ්පාදන, මුහුදු ආහාර සහ මස් නිෂ්පාදන සඳහා සියයට 25 දක්වා වට්ටමක් ලබාගත හැකිවේ. සති අන්ත ආකර්ෂණීය දීමනා සමගින් උත්සව සමය පුරාවටම, ලාෆ්ස් විසින් "EVERYDAY SAVINGS” පිරිනමන අතර, එහිදී ඔබට බිස්කට්, සිසිල් බීම, කුළුබඩු, අයිස්ක්‍රීම්, අතුරුපස සහ අතුරුපස අමුද්‍රව්‍ය, සැකසූ මස් සහ කිරි නිෂ්පාදන වැනි භාණ්ඩ 150කට අධික ගණනක් සඳහා සියයට 30ක වට්ටම් හිමිකර ගත හැකිය. මෙම සියලු දීමනා 2022 අප්‍රේල් 1 සිට අප්‍රේල් 30 දක්වා සියලුම ලාෆ්ස් සුපර් සහ ලාෆ්ස් සුපර්මාර්ට් අලෙවිසැල් 37 තුළ ක්‍රියාත්මක වේ.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ලාෆ්ස් සුපිරි ජාලයෙන් ‘මේ අවුරුදු වාරේ’ අත්‍යවශ්‍ය භාණ්ඩ නොමිලේ ලබාදේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site