(යොහාන් භාසුර)
ඩොලරයේ අගය පහත බැසීම පිළිබඳ අවධානය යොමු කරමින් ලාෆ් ගෘහස්ථ ගෑස් මිල ද හෙට (4) අඩු කිරිමට නියමිත බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය.
කෙසේ වෙතත් අඩු කරන මුදල පිළිබඳව මේ දක්වා ප්‍රකාශයක් කළ නොහැකි බවත් ඒව මුදල හෙට දිනයේ ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
ගෝලීය එල්.පී. ගෑස් වෙළෙඳපොලේ මිල වැඩිවීමක් තිබීම නිසා නිෂ්පාදන සහ සැපයුම් පිරිවැය ඉහළ ගොස් ඇති බැවින් ගෑස් මිල අඩු කිරීමට නොහැකි බව ලාෆ් ගෑස් සමාගම පසුගිය මස මුලදී ප්‍රකාශ කළේය.
ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,990 ක සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,596 ක කොළඹ මිලක මේ වන විට පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd