(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබු නෞකාවකින් ඉන්දියානු තෙල් සමාගමේ ටැංකි වලට ලිහිසි තෙල් පොම්ප කළ නල මාර්ගයක අද (03) ඇති වූ හදිසි තෙල් කාන්දුවකින් තෙල් තට්ටුවක් මුහුදට එකතු වී ඇති බව ශ්‍රි ලංකා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරි කියයි.
එම ලිහිසි තෙල් තට්ටු ඉවත් කිරීමට ශ්‍රි ලංකා වරාය අධිකාරිය හා ශ්‍රි ලංකා නාවික හමුදාවේ වෙරලාරක්ෂක බලකාය පියවර ගත්බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහකර අධ්‍යක්ෂ ටි.ශ්‍රිපති මහතා පැවසීය.
නෞකාවේ සිට ඉන්දියානු තෙල් සමාගමේ ටැංකි වලට සම්බන්ධිත නල මාර්ගයේ නලයකින් මෙම තෙල් කාන්දුව සිදුවී ඇති බවත් එවැනි තත්වයකදී ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම සඳහා කිසිඳු ක්‍රමවේදයක් නොතිබුණු අතර සිදුවු පරිසර හානියට එරෙහිව සමාගමට විරුද්ධව චීනවරාය පොලිසියට පැමිණිල්ලක් කළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහකර අධ්‍යක්ෂවරයා කීය.
කාන්දුවෙන් මුහුදට එක්වූ තවත් තෙල් තට්ටු තිබුණ හොත් ඒවාද ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මූදට ගින්දර තිබ්බා නම් තෙල් ටික පිච්චිලා වතුර ඉතුරු වෙනවනේ..