(ගයාන් සූරියආරච්චි)
බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතා අද (6) කොල්ලූපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ලොහාන් රත්වත්තේ මහතා ඥාතී නිවසකට ගොස් නැවත කොටුව බලා ජීප් රථයෙන් ගමන් කිරීමේදී කොල්ලූපිටිය හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා කොට කල්සමක් ඇඳ සිටි බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
කොල්ලු පිටිය පොලිසියට ලද පැමිණිල්ලක්මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම අවස්ථාවට ගොස් සිදුකළ විමර්ශන වලදී ලොහාන් රත්වත්තේ මහතා බීමතින් සිට ඇති බව අනාවරණය වී ඇත
ඒ අනුව ලොහාන් රත් වත්තේ මහතා අත්අඩංගුවට ගත්බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත් ක පොලිසිය පවසයි.
කොළඹ දකුණ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි කොල්ලු පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් සී දුෂ්මන්ත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලොහාන් රත්වත්තේ යළි අත්අඩංගුවට
බකල ජයා Friday, 06 December 2024 07:49 PM
කොට කලිසමක් ඇඳගෙන හිටිය හින්දා ඇප දෙන්නම හොඳ නෑ. හැප්පිල කාව හරි මැරුණා නං කව්ද වග කියන්නේ?
Cwe banda Friday, 06 December 2024 10:52 PM
එම අවස්ථාවේ හිටපු ඇමැතිවරයා කොට කලිසමක් ඇඳගෙන හිටියේ කියන එකයි මේ අනතුර ගැන පුවතයි අතර සම්බන්ධය මොකක්ද? කොට කලිසම අදාල දෙයක්ද?
ජගත් ලියනගේ Friday, 06 December 2024 11:04 PM
එලොවටත් නැති, මෙලොවටත් නැති, හැදෙන්නෙවත් නැති මිනිහෙක්.
Perera Saturday, 07 December 2024 05:09 AM
මෙයාටත් ඡන්දෙ දෙන්න පස්සෙන් යන අය ඉන්නවනේ...!
swene Saturday, 07 December 2024 05:47 AM
ඇමැතිකම් දීම සඳහා රාජපක්ෂලා, රනිල්ලා බලන සුදුසුකම් ඕවා තමයි.
Vidura Saturday, 07 December 2024 06:46 AM
ඔන්න දැන් ආයෙත් අසනීප වෙයි. ඉස්පිරිතාලෙන් ගෙදර ආපු ගමන් බීලානේ. කෝ මේ දරුවාගේ අම්මා..?
sam Saturday, 07 December 2024 08:27 AM
ඉතින් මේ අය ජොලිසීයගේ ඇමැතියෙක් නේද? මෙයා වගේ පාතාලයෝ තමයි ජොලියගේ හොඳම ගෝලයෝ...
RASI Saturday, 07 December 2024 12:14 PM
මේ යක්කු හරි නම් පොලිසියේම නවත්තලා තියන්න ඕනෑ එවුන්. ගිය ආණ්ඩු කාලේ හිටපු හැටි, කල්කිරියාව තේරෙනවානේ දැන් අහුවෙන ඒවාගෙන්. මන් දැක්කා, බිරිඳත් තරවටු කරනවා හරියට හිටපන් කියලා අර tv එකේ දාපු video එකේ...!
Nihal DHARMATILEKE Saturday, 07 December 2024 12:23 PM
ඇයි මේ මනුස්සයාව එළියට දැම්මේ? රෙද්ද අස්සේ නයි දාගෙන කනවෝ කනවෝ කියනවා වගේ දෙයක්...!
Niroshan Saturday, 07 December 2024 04:06 PM
මොවුන්ගේ පරණ පුරුදු...!