(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහලින් අක්කර 600ක භූමිභාගයක් මේ වන විටත් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැලකිය යුතු පියවර ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අරලිගහ මන්දිරයේ පැවති පළවැනි ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.
තමන් පසුගිය වසරේ දී දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළ බවත් මෙම වසරේ COP 28 හිදී ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලස්සනම තැනක සරසවියකට ඉඩමක්
Rata Perata Friday, 03 November 2023 12:51 PM
ඔන්න සීයා තව කතන්දරයක් කිව්වා...!
ranjith Friday, 03 November 2023 01:05 PM
කොත්මලේ ජලාශයත් හිඳෙන වැඩක්ද? වනාන්තර ඉතුරු කරලා මව්බිමත් සංවර්ධනය කර ගත්තා නම් පරිසරය රැකෙනවා නේද?
සත්‍යපාල Friday, 03 November 2023 04:48 PM
මටත් මේ ප්‍රශ්නය ඇතිවුණා... මොකද ජලාශයට ඉහළ ප්‍රදේශයේ භූමිය එළිපෙහෙළි කළාම සේදී යාවි. එම පස් ජලාශය ගොඩවීමට හේතුවක් වෙනවා. ඔය භූමිය කඳුසහිත නිසා නාය යාමෙනුත් ජලාශයට හානියක් වෙන්න පුළුවන්.. අන්තිමට අටුව කඩලා පුටුව හැදුවා වගේ වේවි ඔය වැඩේට හදන සක්‍යතා වාර්තාවේ මේ අදහස සටහන් කර අවුරුදු තිහක් හතලිහක් ගතවුණාම අරගෙන බලන්න කියලා මතක් කරන්න කැමැතියි...!
ජෝන් Friday, 03 November 2023 01:09 PM
තවත් ලෝක ව්හිළුවක්...
Aruna Manipura Friday, 03 November 2023 01:51 PM
නිකන් මතක්වුණා අර මීරිගම වොක්ස්වැගන් ෆැක්ටරි එක...!
ලුම්බිණි Friday, 03 November 2023 02:44 PM
දැනට තියෙන විශ්ව වවිද්‍යාල වල අඩුපාඩු හදල හිටිනවකෝ හලෝ.
විමර්ශනාFriday, 03 November 2023 04:52 PM
මේ අදහස ඉතාමත් නිවැරැදියි.. විශ්ව විද්‍යාලවල කොතෙක් අඩුපාඩු තිබේද කියලා විශ්ව විද්‍යාල සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ අදහස් අරගෙන බලන්න...
FernandoFriday, 03 November 2023 07:58 PM
හැමදාම කියන බයිලා තමයි ඕක... නිකන් අධ්‍යාපනය දෙන එක නවත්වන්න ඕනෑ...
duminda Friday, 03 November 2023 05:22 PM
ඔය ව්‍යාපෘතිය දැනට අපේ තියෙන පේරාදෙණිය හරි, රජරට එහෙම නැතිනම් සබරගමුව කැම්පස් එකක් එක්ක එකතු කරලා දැනට තියන තත්වය උසස්කරලා අන්තර්ජාතික තත්වයට ගේන්න පුළුවන් නේද? එතකොට පිරිවැයත් අඩුයි.
FernandoFriday, 03 November 2023 07:59 PM
ඕකෙ ඉන්න ගෝත්‍රිකයෝ ටික ස්ට්‍රයික් කළාම මේකත් වැහෙනවා. ඒක නිසා UGC එකෙන් පිට තියන්න ඕනෑ. KUD එක කොච්චර ලස්සනට කරගෙන යනවාද? ඕකෙ ඉන්න අන්තරේ උම්මන්තකයෝ ටිකයි, ජවිපයේ හිඟන්නෝ ටිකයි නිසා කවදාවත් ගොඩයාමක් නැහැ.
Bamunuarachchi Saturday, 04 November 2023 04:41 PM
ඔය අක්කර 600යේ තවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ඒත් මුදල් අයකර අධ්‍යාපනය දෙන විශ්වවිද්‍යාලයක් ඇතිකර පරිසරය ඉගැන්වීම එක විෂයක් කරන්න. එතකොට අපිට බලාගන්න පුළුවන් කීදෙනෙක් මුදල් ගෙවා ඒ විෂය ඉගෙනගන්න එනවාද කියලා...