IMG-LOGO

ලස්සන රටක් හදන්න එක්ව පොර බදමු

(අංජුල මහික වීරරත්න)

 “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම්කරු දින පනිවිඩයෙන් පවසයි.

අනුර දිසානායක මහතාගේ කම්කරු දින පනිවිඩයේ මෙසේද සඳහන් වේ.

1886 වසරේ මැයි මස 01 වන දින ඇමෙරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේදී, පැය 8ක සේවා මුරයක් ඉල්ලා විරෝධතාවක නිරත වෙමින් සිටියදී එල්ල වූ මර්දනීය වෙඩි ප්‍රහාරයෙන් රුධිරය වැගිරූ කම්කරුවන් සදාතනිකව සිහි කිරීමට 1889 වසරේ රැස් වූ දෙවන කොමියුනිස්ට් ජාත්‍යන්තරය තීරණය කළ අතර එතැන් පටන් සෑම වසරකම මැයි පළමුවන දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ මෙරට දූෂිත, ප්‍රභූ දේශපාලනය අවසන් කර ජනතාවාදී පාලනයක් තුළ රටත්, සමාජයත් ගැඹුරු සාධනීය පරිවර්තනයකට ලක් කරමින් තිබෙන අවස්ථාවකය.

පවුල් සහ පරම්පරා කිහිපයක් 76 වසරක් පුරා තට්ටු මාරු ක්‍රමයට ගෙන ගිය දූෂිත පාලනය නිමා කර මෙරට දේශපාලනයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කිරීමට ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජාති, ආගම් භේදයකින් තොරව මෙරට සිව් දෙස ජනතාව විසින් කටයුතු කරනු ලැබිණි. එකී ජනවරමේ අපේක්ෂා සාක්ෂාත් කරමින් මේ වන විට රට ආර්ථික, සාමාජයීය සහ දේශපාලන වශයෙන් පුළුල් පරිවර්තනයකට ලක් කිරීමට ජාතික ජන බලවේගයේ අපි කටයුතු කරමින් සිටින්නෙමු. 

දුෂිත, ප්‍රභූ දේශපාලන ක්‍රමය තුළ පතුලටම ඇද දමා තිබූ මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට මේ වන විට අපි සමත් වී සිටිමු.

 එහි පැහැදිලි සංඥාවන් දැනටමත් සියලුදෙනාට පෙනෙන්නට තිබේ. රජයේ පළමු අයවැයේදීම ඉතිහාසයේ කිසි දා නොවූ අයුරින් රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීම ඇතුළු ගොවි ජනතාව, ධීවර ජනතාව, තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, විවිධ වෘත්තීන්හි නිරත වන්නන් ආදී සමාජයේ සියලුදෙනා වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට අපි කටයුතු කර ඇත්තෙමු. එසේම වතුකරයේ කම්කරු ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට හා ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීමටද අපි කටයුතු කරමින් සිටිමු. 

දිනෙන් දින අලුත් වන නිෂ්පාදන බලවේගවලට සමගාමීව අප භුක්ති විඳින අයිතිවාසිකම්හි නව පරිච්ඡේදයක අවශ්‍යතාව අපි දකිමු. 

 1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ නොතිබූ, ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් ආදියද ඇතුළත්ව වෙනස් වන දේශපාලන පද්ධතින්හි මතු වීම සහ ලෝක සාමය තහවුරු කරමින්, නව සංවර්ධන අවශ්‍යතා මත පදනම්ව මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන වූ විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව වත්මන් සමාජය ඉල්ලා සිටී. ඒ පිළිබඳව සංවේදී වීම සහ මැදිහත් වීමේ අවශ්‍යතාවද ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ අවස්ථාවේ අපි යළි සිහිපත් කරමු.

ජාත්‍යන්තර භූ දේශපාලනික වෙනස්කම් සහ අභියෝග හමුවේ නොසැලෙන ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් වෙහෙසෙන මෙරට වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරමින් හා ප්‍රවර්ධනය කරමින් දූෂිත ප්‍රභූ දේශපාලනය බිද හෙළූ මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කර “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරමින්, වැඩ කරන ජනතා අයිතින් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ජාත්‍යන්තර කම්කරු දිනයකට ශුභාශිංසන එක් කරමි.



අදහස් (8)

ලස්සන රටක් හදන්න එක්ව පොර බදමු

Perera Thursday, 01 May 2025 09:55 AM

නවසීලන්තේ කම්කරු දිනය ඔක්තෝබර් මාසේ අන්තිම සඳුදා දින සමරන්නේ... මැයි 01 වැනිදා සාමාන්‍ය දිනයක්...

:       0       0

Lalith Thursday, 01 May 2025 09:55 AM

Imf එකත් එක්ක පොරබදලා වගේද?

:       0       0

Asela Thursday, 01 May 2025 10:50 AM

නමුත් මේ තඹුත්තේගම මහත්තයා කතා කරනකොට ගෞරවනීය මෝඩයෙක් වගේ පේනවා. එයාට බොරු කියන්න පුළුවන්..., බොරු කියන්න පුළුවන්, වැඩකට නැති මන්ත්‍රීවරු බළඇණියක් ඉන්නවා. එයාට තව වෘත්තිකයින් අවශ්‍යයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ මනුස්සයාට පාලවත්තගෙන් හරි, එයාගේ කල්ලිවලින් හරි කිසිම කෙනෙක් හොයාගන්න බැරි එකයි. මොනවා කරන්නද? ආර්ථිකය හසුරුවා ගන්න රනිල්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕනේ, නැත්නම් 2029න් පස්සේ මේ මනුස්සයා ගෙදර ගියාම අපිට ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා... එයා සාමාන්‍ය විදියට දේවල් කරගෙන යනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරලා නැතුව ඇති...

:       0       0

යෝගා Thursday, 01 May 2025 11:16 AM

ගෙදර ගිහිල්ලා පොරබදා ගන්න. පචයින්ට බලය දීලා දැන් රටේ මිනිස්සුන්ට ජීවත්වීමට පොරබදන්න වෙලා තියෙන්නේ...!

:       0       0

suran Thursday, 01 May 2025 12:38 PM

පහුගිය කාලය පුරාවටම සමාජ වෛරය වපුරවල මුළු සමාජයම ඕජස් ගලන තැනට පත් කලා . අදටත් කරන්නෙම පච කෙලින එකයි විරුද්ධ මත දරන්නන්ගෙන් නීච ලෙස පලිගැනීමයි විතරයි ඉතින් කොහෙද මනුස්සයෝ එක්ව පොර බදන්නේ ? කිරිගහට අන්න වගේ කියන්න පුළුවනි ඔහෙලා මේක ගෝට ගෙනගිය වල පළලටම ගෙනියනවා . දැනටම පෙනෙන්නවනේ කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන හැටි .

:       0       0

Kumudu Thursday, 01 May 2025 03:42 PM

පොරකෑමට ලෑස්තියි...!

:       1       8

සාලිය Friday, 02 May 2025 07:11 AM

පොර බදන්න ඕන නෑ බන්, ප්ලෑන් කරලා වැඩ කරපන්, ගේමක් ගහන්න පුළුවන් .

:       0       0

අරුණි Friday, 02 May 2025 07:27 AM

අපේ පොල්සම්බෝලෙත් නැතිකරලා තව කියන ලස්සන විහිලු කතා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 420 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 756 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site