
(මොහොමඩ් ආසික් සහ ෂේන් සෙනෙවිරත්න)
වත්තේගම පොල්ගොල්ල මීගම්මනවත්ත ප්‍රදේශයේදී සුළු ව්‍යාපාරිකයකු ලොරි රථයක ලීසින් වාරික නිසි පරිදි නොගෙවූ බව පවසමින් ආදාළ ලීසින් සමාගමේ නියෝජතියන් බව කියන පිරිසක් එම ලොරි රථය අත්පත් කර ගෙන යාමේදී එහි හිමියකරු වන 35 හැවිරිදි තරුණයකු මිය ගොස් ඇති බව ඔහුගේ ඥාතීහු පවසති.
මෙම වාහනය අළුයම පන ගන්වන බව ඇසී නිවසේ නිදා සිට ඇති මෙම තරුණයා මාර්ගයට පැමිණ පරීක්ෂා කිරීමේදී යම් පිරිසක තම වාහනය රැගෙන යන බව දැක ඔහු එම වාහයට ගොඩ වී තිබේ. මිටර් 300 -350 ක් පමණ දුරක් වාහනයේ ගොස් ඇති ඔහු ප්‍රධාන මාර්ගයේ වැටී මිය ගොස් සිටියදී ඥාතීන් සොයා ගනු ලැබ තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පොගොල්ල මීගම්මනවත්ත ප්‍රදේශයේ පදිංචි ජාලිය කුමාර පරාක්‍රම නැමැති 35 හැවිරිදි අවිවාහක තරුණයෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලීසිං කාරයින් ළඟ මනුස්සකම, අනුකම්පාව නෑ. මිනිස්සු මරලා හරි කමක් නැහැ.. වාරිකය ගන්න තමයි බලන්නේ... මිනිස්සු වැටිලා ඉන්න අසරණ තත්වය ගැන කිසිම හැඟීමක් නෑ. පව් අසරණයා.. ඔබට නිවන්සුව ලැබේවා.!
සීසින් ඕඩර් එක නිකුත් කළ ලිසිං ආයතනයේ නිලධාරියා වහා අත්අඩංගුවට ගන්න. ඔහු අනර්ථකාරී ක්‍රියාවක් සඳහා මුදල් ගෙවා මැරයින් පාවිච්චි කර තිබෙනවා..!
ලීසින් සමාගමේ නම ප්‍රචලිත කිරීම, ජාතික වගකීමකි. වහාම ඔවුන්ගේ නම කියන්න...
මිනීමැරුමක්...!
ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න උත්සාහ කළ තරුණයෙක්. බැංකු, ෆිනෑන්ස් කොම්පැනි, ෆෝන් කොම්පැනි වැඩ කරන්නේ හිතක් පපුවක් නැති විදිහට. ව්ශේෂයෙන් මේ දුෂ්කර කාලය තමන්ගේ ගනුදෙනුකාරයින් කොහොමද ගත කරන්නේ, ඒ මිනිස්සුන්ගේ ආදායම් අහිමි වෙලා නේද කියන දේ ගැන ඩිංගක්වත් හිතන්නේ නැතුව... නිවන් සුව ලැබේවා..!
ලීසිං කාරයෝ කියන්නේ පාතාල කාරයින්ම තමයි. මුලින් සර්... පස්සේ මරනවා.
මිනිසුනේ, ධාර්මික වෙන්න. පව් සිදු වේවි...!
සාහසික මිනී මැරුමක්