(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බොහෝ ලීසිං ආයතන අද වැඩ කරන්නේ මංකොල්ලකරුවන් පිරිසක් විදියට යැයි හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
බැංකුවලින් ණය ගත් අයගේ දේපළ වෙන්දේසි කරන්නේනම් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් දිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ නඩු කටයුතු ප්‍රමාදය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළේය.
නඩු වැඩිවෙන්නේ ඇයි ඇති වෙන්නේ ඇයි කියන එක හොයන්න ඕන. මත්කුඩු ප්‍රශ්නය නඩු වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙනවා. සිංගප්පූරුවේ නඩුවක් අහන්න වැඩිම වුණොත් යන්නේ මාස තුනයි. නඩු වැඩිවීමට දුගීභාවය ප්‍රධාන හේතුවක්. දුගී භාවයට පත්වුණු අය තමයි වැඩි වශයෙන් උසාවිවල ඉන්නේ. පොහොසතුන් අධිකරණවල ඉන්නෙ අඩුවෙන්. ඉඩම් නඩු පරම්පරා ගාණක් ඇහෙනවා. නඩු දිග්ගැසීම නිසා හිර ගෙවල්වල තදබදය වැඩි වෙනවා. නඩු දිග්ගැස්සෙන එකට නීතිඥවරුන් නම් කැමතියි. ලීසිං කරන ආයතන අද හැසිරෙන ආකාරය වැරදියි. ඒක කවදත් එහෙමයි. දැන් ඒක වැඩියි.එක පැත්තක මංකොල්ලකෑමක් වගෙයි. බැංකු ණය ගත් ජනතාවගේ දේපළ වෙන්දේසි කිරීමට කාලයක් දිය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව සත්‍යයක් වුණත්, විධායක ජනාධිපති වෙලා හිටියා... බලය තිබුණු කාලේ ඕවා වෙනස් නොකළේ මොකද? දැන් බලේ නැති කාලේ.. ඕවා ගැන කථා කළාට බලේ ලැබුණොත් ඕවා කරනවද? අනේ නිකන් පැත්තකට වෙලා ඉන්න...
මොකෝ මේ ලීසිං ගැන හදිසියේ කතාකරන්න හිතුනේ. ඔබතුමාගේ හෝ හිතවතෙකුගේ වහනයක් වත් ඉස්සුවද.