(යොහාන් භාසුර සහ තිලිනි මධුෂානි)
විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නව ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම මණ්ඩලයේ CEBCare මොබයිල් ඇප්එක, ඔන්ලයින් බැංකු සේවාව, ලංවිම වෙබ් අඩවිය, තැපැල් කාර්යාලයක්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර, කාගීල්ස් සහ කීල්ස් ආදී සුපිරි වෙළෙඳසැල් සහ mCash යන ක්‍රමවේද හරහා විදුලි බිලපත් ගෙවීමේ පහසුකම පාරිභෝගිකයින්ට හිමිවන බව එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම විදුලි බිල්පත් සම්බන්ධයෙන් ගැටලු පිළිබඳව ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 ට අමතන ලෙස ද ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.
පාරිභෝගිකයන් වෙත වඩාත් කාර්යක්ෂම බිල්පත් ගෙවීමක් බලාපොරොත්තු වන බව ද එම ආයතනය පවසයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංවීමෙන් දැනුම් දීමක්
මහසෙන් Tuesday, 30 January 2024 12:51 PM
ගෙවන්න සල්ලි තියෙනවා නම්.ගෙවන හැටි රට්ටු දන්නවා.පිස්සු ද?හැටි ද?
chandima Tuesday, 30 January 2024 10:15 PM
කතාව ඇත්ත... මොන ඇප් ඇරියත් පිටරටක ඉඳන් අපට අපේ බිල් ගෙවන්න පහසුකම් නැහැ. ඒගොල්ලෝ ඩොලර්වලට කැමැති නැහැ... ඒකයි.
Lasantha Wednesday, 31 January 2024 06:17 AM
CEB ඇෆ් එක හරහා කටයුතු කරන්න අමාරුයි... එයින් අපිට අවශ්‍ය පැමිණිලි කරන්න වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. එයින් ලිපියක් නොලියා අවශ්‍ය පැමිණිලි හා අවශ්‍යතා ඉදිරිපත් කරන්න අවස්ථාව සලසන්න කියලා ඉල්ලනවා...!