(යොහාන් භාසුර සහ තිලිනි මධුෂානි)
විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නව ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම මණ්ඩලයේ CEBCare මොබයිල් ඇප්එක, ඔන්ලයින් බැංකු සේවාව, ලංවිම වෙබ් අඩවිය, තැපැල් කාර්යාලයක්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර, කාගීල්ස් සහ කීල්ස් ආදී සුපිරි වෙළෙඳසැල් සහ mCash යන ක්‍රමවේද හරහා විදුලි බිලපත් ගෙවීමේ පහසුකම පාරිභෝගිකයින්ට හිමිවන බව එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම විදුලි බිල්පත් සම්බන්ධයෙන් ගැටලු පිළිබඳව ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 ට අමතන ලෙස ද ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.
පාරිභෝගිකයන් වෙත වඩාත් කාර්යක්ෂම බිල්පත් ගෙවීමක් බලාපොරොත්තු වන බව ද එම ආයතනය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවන්න සල්ලි තියෙනවා නම්.ගෙවන හැටි රට්ටු දන්නවා.පිස්සු ද?හැටි ද?
කතාව ඇත්ත... මොන ඇප් ඇරියත් පිටරටක ඉඳන් අපට අපේ බිල් ගෙවන්න පහසුකම් නැහැ. ඒගොල්ලෝ ඩොලර්වලට කැමැති නැහැ... ඒකයි.
CEB ඇෆ් එක හරහා කටයුතු කරන්න අමාරුයි... එයින් අපිට අවශ්‍ය පැමිණිලි කරන්න වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. එයින් ලිපියක් නොලියා අවශ්‍ය පැමිණිලි හා අවශ්‍යතා ඉදිරිපත් කරන්න අවස්ථාව සලසන්න කියලා ඉල්ලනවා...!