(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි රැහැන් තොගයක් නීති විරෝධි ලෙස සන්තකයෙ තබා ගැනිම ඇතුළු චෝදනා ගනනාවක් සම්බන්ධව කරුවලගස්වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගැනුන කෝටිපති ව්‍යාපාරිකයකු අනිද්දා (5) දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා නියෝග කර තිබුණි
මෙසේ රක්ෂීත බන්ධනාගාර ගතව ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයෙ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයකු වන ජයමහ මොහොට්ටිගෙ ක්‍රිස්ටි සිතිර නැමති වැලි සේදීමේ ස්ථාන ඇතුළු ව්‍යාපාරික කටයුතු වල නිරත වන කෝටිපති ව්‍යාපාරිකයකු බව කියයි.
මෙම ව්‍යාපාරිකයා විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අයත් නිවෙස් වෙත ලබා දෙන කළු පැහැති විදුලි රැහැන් තොගයක් සොරකම් කිරීම,වංචනිකව, සගවා තැබිම ඇතුළු චෝදනා එල්ලවි තිබුනී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෙක් වෙන්න හොඳ සුදුසුකම් තියෙනවා...
කෝටි ගණන් හම්බ කරන්නේ මේ වගේ හොරකම් වලින්... ගියතැන මොකක්හරි හොරකමක්...