IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලංවීම ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික පියවර තබයි

 

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එහි මුල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඒ අනුව විදුලිබල මණ්ඩලය ලබා ගෙන ඇති සියලුම ව්‍යාපෘති ණය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු ණය, පුනර්ජනනීය සැපයුම්කරුවන්ට සහ අනෙක් සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය, රාජ්‍ය බැංකුවලින් ගෙන ඇති ණය සහ අනෙකුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙන්ම මෙම වසරේ ඇති වී ඇති අලාභ පිරිමසා ගැනීම සඳහා වන සැලසුම සකස්කරන බවත් ජූනි අවසන් වනවිට විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන සැලැස්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ යුතු බවත් ඒ මහතා කීය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි.

 



අදහස් (1)

ලංවීම ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික පියවර තබයි

චන්දන Thursday, 01 June 2023 08:06 AM

අන්න මූල්‍ය කළමනාකරණය. කරගන්න බැරිවුණා ම විකුණලා දාන්න . තොපි වගේ එවුන් ඉන්න කම් රටක් ගොඩ ගන්න බැහැ . පාර්ලිමේන්තුව ම විකුණලා දාන්න . රට ගොඩ යයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 156 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 361 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site