(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (1) පස්වරුවේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඒ සඳහා වන යෝජනා මසක කාලයක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ඒකක ගාස්තු සංශෝධනයට ද අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 50කට වඩා වෘත්තීය සමිතින්ගේ මාෆියාවන්ට නැතුව තිබූ පාඩු ලබන්නා වූ ආයතන ලංකා විදුලිබල මණ්ඩලය, දුම්රිය, ගමනා ගමන, ඉන්ධන සහ වෙනත් රජය යටතේ පාඩු ලබන්නාවූ සියලු සේවාවන් ප්‍රතිව්‍යුහගත කර හෝ පුද්ගලීකරණය කර ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදෙන්න...
ඇමතිතුමා තරුණයෙක් නිසා නොබියව යමක් කළොත්, විදුලි බලමණ්ඩලය කියන කළු කුහරය තුළ සිදුවන කළුවැඩ නතර කරගන්න හැකිවෙයි. තෙල් එක, රේල්ලුව වගේම විදුලියත් හොර ගුහාවක්....
අඩුම ගන්නේ මොවුන් උපයන විට ගෙවිය යුතු බදු මොවුන්ටම ගෙවන්න සලස්වන්න. මොවුන්ගේ බදු ගෙව්වෙත් රටේ ජනතාව. අරගල කාරයෝ අරගල කරන්න තිබුනේ මේවාට විරුද්දව.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.? ඔය මණ්ඩලයේ අනුමැතිය නොදෙන්නේ මොකේටද? ව්‍යවස්ථා සංශෝධනය 22කටම ඔය අනුමැතිය දුන්නා නේද? මොකක්ද රටට ලැබුන ලාබය? විදුලි බල මණ්ඩලේ ප්‍රතිව්‍යුහගත කරනවා කියන එක ඔය කැබිනට් එකට තියා කාංචනවත් කියලා තියෙනවද? ලක්ෂ 02ක් වැඩි කරගන්න එකනම් කියවන්න ඇති. සාක්කුවට වැටෙන්න දෙයක් නෑ. අනේ අපේ රටට වෙච්ච දෙයක්. අරගල කාරයෝ කෝ දැන්.