
(අංජුල මහික වීරරත්න)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
විදුලිබල මණ්ඩලයට ගාස්තු සංශෝධන කළ හැකි වන්නේ, අවුරුද්දට දෙවතාවක් පමණක් බවට සමාජයේ වැරදි මතයක් තිබෙන බව කී අමාත්‍යවරයා හදිසි අවස්ථාවලදී ගාස්තු සංශෝධන කරන ලෙස ඉල්ලීමේ හැකියාව විදුලිබල මණ්ඩලයට තිබුණ බවද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණේ ඒ අනුව බවද පැවසීය.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සතිය ඇතුලත අවශ්‍ය නිශ්කාෂණය ලබාදීම සඳහා කටයුතු කරන බව පසුගිය අඟහරුවාදා නීතිපතිවරයා තමා වෙත දැනුම් දුන් බවද ඒ අනුව එලැඹෙන සතියේ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංවිම ප්‍රතිව්‍යුහගත කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට
Nimal Tuesday, 24 October 2023 08:55 AM
රුපියල් 3000-4000 ට තිබ්බ බිල 12000 විතර කළාම මොනවා කරන්න බැරිද?
චන්දන Tuesday, 24 October 2023 10:33 AM
ඉක්මනටම ඡන්දේ තියපල්ලා. අපි පාර්ලිමේන්තුව ප්‍රතිව්‍යුහගත කරන්න බලාගෙන ඉන්නේ...
Lalla Tuesday, 24 October 2023 07:19 PM
ඕවා වැඩක් නෑ. රාජ්‍ය ආයතන රටට එපා. පින්පඩිකාර අතිරික්ත සේවක රැල රට කනවා ඇමතිලා එකතුව...!