IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංවිම කෝටි 20,000ක වියදම් වැඩියෙන් පෙන්නලා

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම් ඉවත් කළ පසු සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමේ හැකියාව ඇති බවත් ලංවීම ගාස්තු යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ උපදේශන පත්‍රිකාවෙන් අනාවරණය කර තිබේ.

විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබූ රුපියල් කෝටි 4,800 ක පමණ ලාභය මෙම මිල සංශෝධන යෝජනාවලියෙන් සම්පූර්ණයෙන්ම අතහැර ඇති බව කියන එම පත්‍රිකාව  සම්ප්‍රේෂණ වියදම් ලෙස රුපියල් කෝටි 9,500 ක සහ අතිරේක වියදම් කෝටි 20,000 ක් සහ හදිසි මිලදීගැනීම්වලට ද විශාල වියදමක් එකතු කර ඇති බව ද සඳහන් කළේය.

ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ වියදම් පිළිබඳව ගැටලුවක් ඇති බවත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති වියදම් තව දුරටත් සමාලෝචනය කළ යුතු බවත් එම පත්‍රිකාවේ සඳහන් වේ.

විදුලිබල මණ්ඩලය සියයට 3.34 ක විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය 13 වැනිදා පස්වරුවේ භාරදුන් අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට මහජන අදහස් ගනිමින් සිටින බවත් ගාස්තු සංශෝධනය ලබන මස මැද වන විට ක්‍රියාත්මක කළ හැකි බවත් එම පත්‍රිකාව වැඩි දුරටත් කීයයි. 



අදහස් (0)

ලංවිම කෝටි 20,000ක වියදම් වැඩියෙන් පෙන්නලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site